එයාර් ඉන්දියා අනතුර ගැන විමර්ශනයට විශේෂ කමිටුවක් – මියගිය සංඛ්‍යාව 274 දක්වා ඉහළට

පුද්ගලයින් 242 දෙදෙනෙකු රැගෙන අහමදාබාද් සිට ලන්ඩනයේ ගැට්වික් ගුවන් තොටුපළ දක්වා ගමන් කළ එයාර් ඉන්දියා AI-171 ගුවන් යානය අනතුරට පත්වීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට විමර්ශන කමිටුවක් පත්කර තිබෙනවා.

අදාළ කමිටුව විසින් ගුවන් අනතුර සම්බන්ධයෙන් විමර්ශන සිදුකර මාස තුනකින් එහි වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිත බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මෙම කමිටුවේ ප්‍රධානියා ලෙස ස්වදේශ කටයුතු ලේකම්වරයාපත්කර ඇති අතර, සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ නියෝජිතයින්, ගුවන් හමුදාව සහ ගුවන් සේවා විශේෂඥයින් මීට ඇතුළත් වනවා.

පසුගිය 12 වනදා සිදුවූ මෙම ගුවන් අනතුරින් යානයේ ගමන් ගත් පුද්ගලයින් 241 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව එක් පුද්ගලයෙකුගේ පමණක් දිවි බේරුණා.

මේ අතර මෙම ගුවන් අනතුරින් මියගිය සංඛ්‍යාව 274 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.

ගුවන් යානයේ සිට මියගිය පුද්ගලයින් 241 දෙනාට අමතරව යානය කඩා වැටීමේ දී ගැටුණු ගොඩනැගිල්ල තුළ සහ ඒ අවට සිටි අනතුරින් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් ද මෙම සංඛ්‍යාවට ඇතුළත්.

ආරංචි මාර්ගවලට අනුව, මියගිය අය අතර මේඝනිනගර් ප්‍රදේශයේ බී.ජේ. වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍යවරුන්ගේ නේවාසික නිවාසවල නවාතැන් ගෙන සිටි වෛද්‍යවරුන් 10 දෙනෙකු සහ ඔවුන්ගේ ඥාතීන් ද වනවා.

මේ අතර සිද්ධියෙන් තුවාල ලැබූ වෛද්‍ය සිසුන් විසිහතර දෙනෙකු තවමත් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ගුවන් යානයේ කළු පෙට්ටිය මේ වනවිටත් සොයාගෙන ඇති අතර, සේවකයින් 100 කට වැඩි පිරිසක් සහ ඉංජිනේරුවන් 40 දෙනෙකු යානය කඩා වැටී අනතුරට පත් පරිශ්‍රයෙන් සුන්බුන් ඉවත් කිරීමේ කටයුතුවල නිරතව සිටින බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39