ඉරානයේ සන්නද්ධ හමුදාවලට නව මාණ්ඩලික ප්‍රධානියෙක්

ඉරානයේ සන්නද්ධ හමුදාවල නව මාණ්ඩලික ප්‍රධානියා ලෙස මේජර් ජෙනරාල් අබ්දොල්රහිම් මවුසාවි පත් කර තිබෙනවා.

ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි විසින් මෙම නව පත් කිරීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

එරට සන්නද්ධ හමුදාවල නව මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කළ මොහොමඩ් බගරි ඊශ්‍රායලයේ ගුවන් ප්‍රහාර වලින් ඝාතනය වීමත් සමඟ මෙම නව පත් කිරීමට සිදුකර තිබෙනවා.

එමෙන්ම ජෙනරාල් ගොලමලි රෂීඩ් ඝාතනයෙන් පසු, කටම් අල්-අන්බියා මධ්‍යම මූලස්ථානයේ අණදෙන නිලධාරියා ලෙස මේජර් ජෙනරාල් අලි ෂඩ්මානි පත් කර ඇති බවයි වාර්තා වුණේ.

මීට අමතරව ඊශ්‍රායල ගුවන් ප්‍රහාර වලින් ජෙනරාල් හොසේන් සලාමි ඝාතනයවීමත් සමඟ ඉස්ලාමීය විප්ලව ආරක්ෂක බළකායේ (IRGC) නව අණදෙන නිලධාරියා ලෙස මේජර් ජෙනරාල් මොහොමඩ් පක්පූර් පත කිරීමටයි කටයුතු කර ඇත්තේ .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?