UPDATE:ශ්‍රී ලංකාවටත් වරක් පැමිණි ජෝෂි පවුල – ගුවන් අනතුරින් මියගිය ගණන 290ක් වෙයි

ලෝක ගුවන් ඉතිහාසයේ දරුණුතම ඛේදවාචකයක් ලෙස ඊයේ (12) දහවල් අඳුරු මතක ගොන්නට එකතු වූ ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් ගුවන් අනතුරින් ජීවිතක්ෂයට පත් වූ මගීන්ගේ තොරතුරු මේ වනවිට හෙළිවෙමින් පවතිනවා.

ජීවිතයේ වසර ගණනාවක් දුෂ්කර කාර්තු ගෙවා, විදෙස්ගත ව ජීවත් වන්නට අනාගත සිහින මැවූ ආදරණීය කැදැල්ලකට ද ඊයේ සිදු වූ ගුවන් අනතුරින් ජීවිත අහිමි වූ බව මේ වන විට සමාජ මාධ්‍ය පුරා වේගයෙන් සංසරණය වන පුවතක් වී හමාරයි.

නමින් රතික් ජෝෂි වන ඔහු වසර 06ක් ම බ්‍රිතාන්‍යයේ ජීවත් වූ වෘත්තීයෙන් මෘදුකාංග ඉංජිනේරුවරයෙක් මෙන් ම එම ක්ෂේත්‍රයේ විශේෂඥවරයෙක්.

සිය වෘත්තීය තුළ ආචාර්‍යය රතික් ජෝෂි යනුවෙන් ප්‍රසිද්ධියක් ඉසිලූ මෙම පුද්ගලයා සිය වෛද්‍යවරියක් වූ බිරිඳ වන ආචාර්‍යය කොමි වියාස් සහ කුඩා දරුවන් තිදෙනා සමග ඊයේ දහවල් 01.38ට ගුවන්ගත වන එයාර් ඉන්දියන් ගුවන් යානයට පිවිසුණේ, අලුත් රටක නව ජීවිතයක් ආරම්භ කිරීමේ අරමුණින්.

රතික් ජෝෂිගේ බිරිඳ වන වෛද්‍ය කොමි වියාස් සිය මව් රටට සමුදෙමින් බ්‍රිතාන්‍යයේ පදිංචි වීම සඳහා තමන් සේවය කළ උදයිපූර් හි පැසිෆික් රෝහලට සමුදීම සිදු කෙරුණේ දින දෙකකට පමණ බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් අවසානයේ දී සිදු වූයේ ඔවුන් පස්දෙනාට ම මැවූ සිහින තුරුල් කරගෙන ම දෑස් පියාගන්නට වීම කෙතරම් අවාසනාවන්ත සිදුවීමක් ද?

ඔවුන් ගුවන් යානයට ගොඩවී ගත් අවසන් ඡායාරූපය ද මේ වනවිට සමාජ මාධ්‍යයේ වැඩි වශයෙන් කතාබහට ලක් වන සංවේදීම ඡායාරූපයක් වී තිබෙනවා.

මෙම විශිෂ්ට ආචාර්‍යයවරුන් දෙදෙනාගේ පුංචි මල් කැකුළු වූ පස් හැවිරිදි පිරිමි නිවුන් දරුවන් දෙදෙනා සහ 8 හැවිරිදි දියණිය ද ගුවන් අනතුරින් ජීවිතක්ෂයට පත් වුණා.

එක් පුද්ගලයෙකු හැරෙන්න යානයේ සිටි මගීන් 241කට මෙම ගුවන් අනතුරෙන් මරු කැඳවූ අතර, එහි ජෝෂි පවුලේ සාමාජිකයන් පස් දෙනා ද වනවා.

අවාසනාවන්ත අනතුරට ලක්වීමට පෙර ජෝෂි පවුල ලොව පුරා රටවල් රැසක සංචාරය කර තිබෙන අතර, ඒ අතර ශ්‍රී ලංකාවට ද පැමිණ ඔවුන් මහනුවර ශ්‍රී දළදා මාලිගාව ද වැඳ පුදාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර මෙම ගුවන් අනතුරින් මියගිය ගණන 290 දක්වා ඉහළ ගොස් තිබෙන බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
20
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32