UPDATE :අහමදාබාද් ගුවන් අනතුර සිදු වූ ස්ථානය නිරීක්ෂණයට අගමැති මෝදි එයි – එයාර් ඉන්දීය සමාගමෙන් දැනුම්දීමක්

මෑත කාලයේ සිදු වූ දරුණුතම ගුවන් ඛේදවාචකයක් වන ගුජරාටයේ අහමදාබාද්හි සිදු වූ එයාර් ඉන්දියා ගුවන් අනතුර සම්බන්ධයෙන් ඉන්දියාව විධිමත් පරීක්ෂණයක් ආරම්භ කිරීමෙන් පසුව, විමර්ශනයට සහාය වීම සඳහා අමෙරිකානු සහ බ්‍රිතාන්‍ය විමර්ශන කණ්ඩායම් යොදවා තිබෙනවා.

එයාර් ඉන්දියන් සමාගම සිය X සටහනේ දක්වා ඇත්තේ, එක්සත් ජනපද ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලය තම ඉන්දියානු සගයන්ට සහාය වීම සඳහා විමර්ශකයින් යවන බව නිවේදනය කර ඇති බවත්, බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාර්මර් ද එක්සත් රාජධානියේ විමර්ශන කණ්ඩායමක් ඉන්දියාවට එවා ඇති බවයි.

ජාතික ආපදා ප්‍රතිචාර බලකාය (NDRF) සිය කටයුතු වේගවත් කර ඇති අතර, අනතුර සිදු වූ ස්ථානයේ යොදවා ඇති කණ්ඩායම් සංඛ්‍යාව හත දක්වා වැඩි කර තිබෙනවා.

අද (13) උදෑසන වන විට, මළ සිරුරු 81ක් සුන්බුන්වලින් සොයා ගත් බව NDRF පරීක්ෂක විනයි කුමාර් පවසා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අතර ගුවන් අනතුරෙන් දිනකට පසු අගමැති නරේන්ද්‍ර මෝදි අද අහමදාබාද් වෙත පැමිණෙනු ඇති.

ඒ අනතුර සිදු වූ ස්ථානය නිරීක්ෂණය කර, අදාළ මෙහෙයුම් ක්‍රියාත්මක වන්නේ කුමන ආකාරයෙන් දැයි සොයා බැලීමට බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

රජය මෙතෙක් නිල වශයෙන් තුවාල ලැබූවන් පිළිබඳ සංඛ්‍යාලේඛන නිකුත් කර නැහැ.

අහමදාබාද් පොලිස්පති විධි චෞද්රි පැවසුවේ මියගිය සංඛ්‍යාව 260 ක් වූ බවත්, එයින් ඇඟවෙන්නේ ජෙට් යානය වෛද්‍ය කාර්ය මණ්ඩල නේවාසිකාගාරයකට කඩා වැටීමෙන් එහි සිටි වෛද්‍ය සිසුන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තවත් 50කට අධික පිරිසක් බරපතළ පිළිස්සුම් තුවාල ලබා ඇති බවත් ඔවුන් මේ වනවිට රෝහල්ගත ව ප්‍රතිකාර ගන්නා බවයි.

මියගිය අය සහ ඔවුන්ගේ පවුල් සඳහා DNA සාම්පල එකතු කිරීමේ සිට හඳුනා ගැනීම සහ මළ සිරුරු ඔවුන්ගේ නිවෙස්වලට ආරක්ෂිතව ආපසු ලබා දීම දක්වා රජයේ පූර්ණ සහාය ලැබෙන බව ගුජරාට් ප්‍රධාන අමාත්‍යවරයා දැනුම්දී තිබෙනවා.

මේ අතර, ඉන්දියාවේ ගුජරාට් හි අහමදාබාද් සිට ලන්ඩන් – ගැට්වික් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ දක්වා පියාසැරි ඇරඹි එයාර් ඉන්දියන් AI171 ගුවන් යානය වසර 12ක් පැරණි බව එයාර් ඉන්දියන් ගුවන් සමාගම නිවේදනය කරනවා.

සිය X යානයේ සටහනක් තබමින් එයාර් ඉන්දියන් සමාගම පෙන්වා දෙන්නේ, ඊයේ පස්වරු 13.38ට ගුවන්ගත වූ ගුවන් යානය මිනිත්තු පහක් ගතවීමටත් පෙර කඩා වැටුණු බවයි.

මෙම ගුවන් යානය අහමදාබාද් නගරයේ පිහිටි ප්‍රසිද්ධ වෛද්‍ය විද්‍යාලයක් වන බීජේ හි ශිෂ්‍ය නේවාසිකාගාරයක් මතට කඩා වැටුණා.

එම ගුවන් අනතුරින් යානයේ ගමන් කරමින් සිටි මගීන් 242 දෙදෙනාගෙන් 241ක් දෙනෙකුට ජීවිතය අහිමි වූ අතර වාසනාවකට ඉන්දියානු සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට ජීවිතය බේරා ගැනීමට හැකි වුණා.

මෙම බෝයිං 787-8 ගුවන් යානය තුළ මගීන් 230 ක් සහ කාර්ය මණ්ඩලය 12 ක් අනතුර සිදුවන අවස්ථාවේ සිටි බවයි වාර්තා වන්නේ.

මගීන් අතර ඉන්දියානු ජාතිකයන් 169 ක්, බ්‍රිතාන්‍ය ජාතිකයන් 53 ක්, පෘතුගීසි ජාතිකයන් 07 ක් සහ කැනේඩියානු ජාතිකයෙකු ඇතුළත්.

සිද්ධිය සම්බන්ධයෙන් හදිසි තොරතුරු ලබා ගැනීම සඳහා එයාර් ඉන්දියා සමාගම 1800 5691 444 යන විශේෂිත මගී ක්ෂණික දුරකථන අංකයක් ද පිහිටුවා තිබෙනවා.

ඉන්දියාවෙන් පිටත සිට ඇමතුම් ලබා ගන්නා අයට +91 8062779200 අංකයට ඇමතිය හැකි බවයි එහි දැක්වෙන්නේ.

ඊට අමතරව එයාර් ඉන්දියා හි X ගිණුම (https://x.com/airindia) සහ airindia.com වෙබ් අඩවිය හරහා නිතිපතා යාවත්කාලීන කිරීම් දිගටම සිදු කරන බවත් එම සමාගම දැනුම්දී තිබෙනවා.

මූලාශ්‍රhindustantimes.com/ BBC /thehindu.com

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
6
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හයියෝ නුවරඑළියම කනවනේ - ලැජ්ජාවේ බෑ
03:00
Video thumbnail
ඉතිහාසයේ කවදාවත් වෙලා නැති හොරකම් මේ ආණ්ඩුව තුළ වෙනවා
06:18
Video thumbnail
කුෂ් සමඟ ඡායාරූප ශිල්පියෙක් ගුවන්තොටේ දී කොටුවෙයි
02:12
Video thumbnail
රනිල්ගේ කාලේ මහ බැංකුවට කෙ#යා..අනුරගේ කාලයේ භාණ්ඩාගාරයට කෙ#යා..ආණ්ඩුවේ හොරු ඉන්නේ ඇතුළෙම තමයි
05:08
Video thumbnail
ඉන්දුනීසියාවේ සහ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය විදෙස් ඇමතිවරු හමුවෙයි
02:03
Video thumbnail
ආලෝකා බය වුණ අත්දැකීම පඤ්ඤාකර හිමියන් හෙළිකරයි..මහා සංඝ රත්නය තල්ලු කළා - ඔයාලගේ වැරදි පුරුදු
08:07
Video thumbnail
හත්තිලව්වේ අන්න මහ බැංකුවට ඇරලා නේද..මේ හැකරයි අර හැකරයි කිව්වට වැඩක් නෑ - අසේලට යකා නගියි
02:16
Video thumbnail
අපේ බෞද්ධයාගේ හැසිරීම ඉතාම අන්තිමයි..බුදු හාමුදුරුවෝ නෙවෙයි වැඩියේ..සාමය අරගෙන ආවේ..
03:39
Video thumbnail
කහවත දැක්ක ගමන් පොඩි දරුවන් වැද වැටෙන හැටි..සාම පාගමන පුරා ජනතාවට දෙන ආශිර්වාද
02:30
Video thumbnail
මුදල් අමාත්‍යාංශය අසළ උණුසුම් තත්ත්වයක් - හැකර් කොහොමත් හැංඟිලා තමයි මනුස්සයෝ ගේම ගහන්නේ
03:02