පෙම්වතීගේ අසැබි දර්ශන අන්තර්ජාලයට දැමූ චීවරධාරියාට මාස 06ක ලිහිල් සිර දඬුවම්

කාන්තාවකගේ විඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදා හැරියේ යැයි කියන අනුරාධපුරයේ රාජංගනය ප්‍රදේශයේ විහාරස්ථානයක චීවරධාරියකුට නියම කළ මාස 06ක ලිහිල් වැඩ සහිත සිර දඬුවමක්, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ප්‍රතිශෝධන අයදුම්පතකට යටත්ව රුපියල් ලක්ෂයක ශරිර ඇපයක් මත මුදා හැරීමට නියෝග කළා.

ඊට අමතරව රුපියල් 2500 දඩ මුදලක්ද, වින්දිත කාන්තාව සඳහා ලක්ෂයක වන්දි මුදලක් ද ගෙවන ලෙස ද නියෝග කර සිටියා.

අදාළ දඩ මුදල් නොගෙවන්නේ නම් තවත් මාස තුනක ලීහිල් වැඩ සහිත සිර දඬුවමක් ද නියම කළාය.

අසභ්‍ය වීඩියෝ දර්ශන වට්සැප් ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරියේ යන චෝදනාවට සම්බන්ධයෙන් වරද පිළිගැනීම හේතුවෙන් ඒ චිවරධාරියාට මෙම දඬුවම නියම කරනු ලැබුවා.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය මගින් ගොනු කළ නඩුවක් සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරිය මෙම දඬුවම නියම කළා අතර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සැකකාර හිමිනම හා උන්වහන්සේට පෙම් බැඳි පැමිණිලිකාරිය වට්සැප් ඔස්සේ හඳුනාගෙන ඇති බවයි.

එසේ හඳුනා ගැනීමෙන් පසුව හිමිනම විසින් අනුරාධපුරයේ වන්දනා කිරීම සඳහා පැමිණිලිකාරියට ආරාධනා කර තිබෙනවා.

කිහිපවරක් අනුරාධපුරේ වන්දනා කළ පැමිණිලිකාරිය සිය සැමියා සමඟ සැකකාර හිමිනමගේ විහාරස්ථානයේ ඇති කබානාවල නවාතැන් ගෙන ඇති බවද අධිකරණයට කරුණු වාර්තා වුණා.

එහිදී පැමිණිල්ලට ප්‍රශ්නයක් යොමු කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය පන්සලේ කබානා තිබේ දැයි විමසා සිටියාය.

ඊට ප්‍රතිචාර දැක්වූ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ සැකකාර හිමිනම විසින් පිටස්තර පුද්ගලයින් හට නවාතැන් පහසුකම් දෙන කුටි කබානා ලෙස හඳුන්වා ඇති බවයි.

පසුව පැමිණිලිකාරිය විසින් තමාගේ නිවසේ වස් වැසීමට සැකකාර හිමිනමට ආරාධනා කර ඇති අතර, එසේ ආරාධනා කර දින දෙකකින් පසුව සැමියා රැකියාව සඳහා ගෙදරින් බැහැරව ගොස් තිබෙනවා.

ඉන්පසුව දෙදෙනා සමග ප්‍රේම සම්බන්ධයක් ඇතිකරගෙන වරින් වර ගෙදර සහ හෝටල්වල නතර වී සිටියත් ඇති අතර විරසක වීමෙන් පසුව අදාළ අසැබි දර්ශන සැමියා වෙත වට්සඇප් මාර්ගයෙන් යොමු කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අධිකරණයට ඉදිරිපත් කළ සැකකාර හිමිනම ප්‍රකාශ කර සිටියේ තමන්ට එරෙහිව නඩුවක් ගොනු කරන්නේ නම් ඊට වරද පිළිගැනීමට සූදානම් බවයි.

දෙදෙනා සමඟ කැමැත්තෙන් ප්‍රේම සම්බන්ධය පවත්වාගෙන ගිය බවත්, අදාළ ප්‍රේම සම්බන්ධය පැමිණිලිකාරියගේ සැමියා දන්නා බවත් සැකකාර හිමිනම සඳහන් කළා.

එහිදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කරුණු දක්වමින් කියා සිටියේ මෙම කිසිවක් පැමිණිකාරියගේ සැමියා නොදන්නා බවට ප්‍රකාශයක් ලබා දී ඇති බවයි.

අදාළ වීඩියෝ දර්ශන දැකීමෙන් පසුව සැමියාගේ ජීවිතය කළකිරී ඇති බවට ප්‍රකාශ කර ඇති බවද සඳහන් කර සිටියා.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකාර හිමිනම පැමිණිල්ලක් ගොනු කරහොත් වරද පිළිගන්නා බවට අධිකරණය හමුවේ ප්‍රකාශ කළ හෙයින් රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් නියම කරමින් මුදාහරින ලෙසට නියෝග කළා.

අදාළ ඇප තැබීමට නොහැකි වූ සැකකාර හිමිනම දින තුනක් රක්ෂිත බන්ධනාගාර ගතව සිට පසුව ඇපකරුවකු ඉදිරිපත් කර නිදහස ලැබුවා.

පසුව මෙම නඩුව ඊයේ (12) දිනයේදී යළි කැඳවූ අතර, අසභ්‍ය වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදා හැරීම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් චෝදනා තුනක් යටතේ නඩුවක් ගොනු කළ අතර, එම නඩුව සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරිය මෙසේ මාස හයක ලිහිල් වැඩ සහිතව සිරදඬුවමක් නියම කළා.

වරදකරු වූ හිමිනම වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තිසර චාමර පෙන්වා දුන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ 345 වගන්තිය මේ ආකාරයට වරද පිළිගත් තැනැත්තකුට දිය හැක්කේ අත්හිටවූ සිරදඬුවම් බවයි.

ඒ, අනුව සිය සේවාදායකයා වෙනුවෙන් ප්‍රතිශෝධන අයදුම්පතක් යොමු කරන අතර ඊට යටත්ව අරප ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

ඒ, කරුණු සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරිය ඇප මත මුදා හැරිමට නියෝග කළා.

ඉදිරියේදී ඒ ප්‍රතිශෝධන අයදුම්පත කොළඹ මහාධිකරණය හමුවේ කැඳවිමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
13
+1
2
+1
2
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මෝ එකපාරටම රෝදේ ගැලවිලා ගිහින් අන්තිමට වුණ දේ..
00:49
Video thumbnail
කුමාර ජයකොඩි වරදක් කළේ නෑ - විපක්ෂයේ මරළතෝනි නිසයි අපිම අයින් කළේ
06:58
Video thumbnail
ආණ්ඩුව දැන් IMF සිප වැළඳගෙන හමාරයි - IMF එකේ සුරතලා වෙලා
07:42
Video thumbnail
අහිංසක රොටි කඩේටත් බදු ගහලා - දිලිත් සැරවෙයි
03:52
Video thumbnail
යතුරුපැදියක් ගසක ගැටී ගුරුවරයෙකු අවසන් ගමන් යයි
01:03
Video thumbnail
දිට්වා ප්‍රතිලාභ නොලැබුණා කියලා පිරිසක් රාජාංගනය ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි
16:10
Video thumbnail
ආදරණීයයන්ගේ සෝ සුසුම් රැගෙන මැද කැන්ඩි ළමිස්සි අවසන් ගමන ගිය හැටි
02:53
Video thumbnail
කැන්ඩි ළමිස්සිට ගීයකින් උපහාර කළ මිතුරන්
09:16
Video thumbnail
පුංචි දරුවොත් බෝඩ් උස්සගෙන පාරට බැහැලා විරෝධතාවයක
09:59
Video thumbnail
නාමල් පාතාලයට සම්බන්ධයි කියලා මාලිමාවෙන් බොරු ප්‍රචාරයක් කරනවා
09:06