UPDATE: බිහිසුණු ගුවන් අනතුරින් කිසිවෙකු දිවි බේරාගෙන නැහැ – ප්‍රාන්ත පොලිස් ප්‍රධානී

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් හි දී අද (12) සිදු වූ ගුවන් අනතුරින් කිසිවෙකු දිවි බේරාගෙන නැති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

france24.com වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ ලන්ඩන් බලා පියාසර කරමින් තිබූ එයාර් ඉන්දීය ගුවන් සමාගමට අයත් මෙම යානය තුළ අනතුර සිදු වන අවස්ථාවේ දී මගීන් සහ කාර්‍යය මණ්ඩලය ඇතුළුව 242 දෙදෙනකු සිට ඇති බවයි.

නිල වශයෙන් මීට පෙර 171 ක් දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණ ද, ප්‍රාන්ත පොලිස් ප්‍රධානියා පැවසුවේ ජීවතුන් අතර කිසිදු අයෙකු සිටින ආකාරයක් දැකිය නොහැකි බවත්, සියල්ලන්ම දරුණු පිළිස්සුම් තුවාල ලබා මියගොස් ඇති බවයි.

මගීන් අතර ඉන්දියානු ජාතිකයන් 169 දෙනෙකු, බ්‍රිතාන්‍ය ජාතිකයන් 53 දෙනෙකු, පෘතුගීසි ජාතිකයන් හත් දෙනෙකු සහ කැනේඩියානු ජාතිකයෙකු සිටි බව එයාර් ඉන්දියා ගුවන් සේවය තහවුරු කළා.

මෙම බිහිසුණු ගුවන් අනතුර සිදුවූයේ බීජේ නමැති ගුජරාට් හි සුප්‍රසිද්ධ වෛද්‍ය විද්‍යාලයක ශිෂ්‍ය නේවාසිකාගාරයක් මතට කඩා වැටීමෙන්.

එම අනතුරෙන් නේවාසිකාගාරයේ සිටි වෛද්‍ය සිසුන් පස්දෙනෙකු ද මියගොස් ඇති බවට තහවුරු කෙරුණා.

මූලාශ්‍රය -www.france24.com

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
0
+1
4
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.22
00:00
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන ඇමති නලින්ද කැබිනට් මාධ්‍ය හමුවේදී කට අරියි..එකක්වත් අත් හරින්නේ නෑ
07:08
Video thumbnail
අපි හැමදේම තියාගෙන දේශපාලනයට ආව මිනිස්සු..බොරු කියලා පච කියලා අන්දපු මේ වගේ ආණ්ඩුවක් තවත් නෑ
06:25
Video thumbnail
හයිවේ බස් එකේ වීරයා වෙන්න ගිහින් අන්තිමට නෝන්ඩි වුණ හැටි
01:14
Video thumbnail
සජබයේ ඇමතියෙක් හොරකම් කළා නම් අනිවාර්යෙන් දඬුවම් දෙන්න ඕනි.. l S. M. Marikkar
03:53
Video thumbnail
සංජීවගෙන් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
07:22
Video thumbnail
සුරේෂ් සලේ දැඩි ආරක්ෂාවක් මැදින් කොටුව උසාවිය
01:43
Video thumbnail
"අපිට මේවා කඩේ යනවා වගේ කරන්න බෑනේ"..සජබ ආරාධනාව ගැන තලතාගෙන් සැර කතාවක්
06:04
Video thumbnail
ගම් ඇතුළේ SJB, UNP කට්ටිය චූන්වෙලා ඉන්නේ..ආණ්ඩුව බය ඒකනේ..
05:30
Video thumbnail
ආණ්ඩුවේ ගල් අඟුරු වංචාව නිසා විදුලිබිල වැඩි වුණා..දැන් ජනතාව දින්නා
03:37