UPDATE: බිහිසුණු ගුවන් අනතුරින් කිසිවෙකු දිවි බේරාගෙන නැහැ – ප්‍රාන්ත පොලිස් ප්‍රධානී

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් හි දී අද (12) සිදු වූ ගුවන් අනතුරින් කිසිවෙකු දිවි බේරාගෙන නැති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

france24.com වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ ලන්ඩන් බලා පියාසර කරමින් තිබූ එයාර් ඉන්දීය ගුවන් සමාගමට අයත් මෙම යානය තුළ අනතුර සිදු වන අවස්ථාවේ දී මගීන් සහ කාර්‍යය මණ්ඩලය ඇතුළුව 242 දෙදෙනකු සිට ඇති බවයි.

නිල වශයෙන් මීට පෙර 171 ක් දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණ ද, ප්‍රාන්ත පොලිස් ප්‍රධානියා පැවසුවේ ජීවතුන් අතර කිසිදු අයෙකු සිටින ආකාරයක් දැකිය නොහැකි බවත්, සියල්ලන්ම දරුණු පිළිස්සුම් තුවාල ලබා මියගොස් ඇති බවයි.

මගීන් අතර ඉන්දියානු ජාතිකයන් 169 දෙනෙකු, බ්‍රිතාන්‍ය ජාතිකයන් 53 දෙනෙකු, පෘතුගීසි ජාතිකයන් හත් දෙනෙකු සහ කැනේඩියානු ජාතිකයෙකු සිටි බව එයාර් ඉන්දියා ගුවන් සේවය තහවුරු කළා.

මෙම බිහිසුණු ගුවන් අනතුර සිදුවූයේ බීජේ නමැති ගුජරාට් හි සුප්‍රසිද්ධ වෛද්‍ය විද්‍යාලයක ශිෂ්‍ය නේවාසිකාගාරයක් මතට කඩා වැටීමෙන්.

එම අනතුරෙන් නේවාසිකාගාරයේ සිටි වෛද්‍ය සිසුන් පස්දෙනෙකු ද මියගොස් ඇති බවට තහවුරු කෙරුණා.

මූලාශ්‍රය -www.france24.com

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
0
+1
4
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?