UPDATE :අහමදාබාද් ගුවන් අනතුර සිදුවන විට යානය තුළ හිටපු ගුජරාට් මහ ඇමතිත් සිටියා දැයි සැකයක්

අද (12) දහවල් ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් හි දී කඩා වැටුණු ගුවන් යානය තුළ ගුජරාට් හි හිටපු මහ ඇමති විජේ රූපානි ද සිටින බවට ආරංචි මාර්ග පවසනවා.

hindustantimes ඉන්දීය වෙබ් අඩවිය වාර්තා කරන පරිදි එම තොරතුරු මෙතෙක් නිල වශයෙන් සනාථ වී නොමැති බවත්, අදාළ තොරතුර පිළිබඳ ව විවිධ පාර්ශ්ව විසින් සොයා බැලීම් සිදු කෙරෙමින් පවතින බවයි.

අහමදාබාද් ගුවන්තොටුපළ අසල ප්‍රදේශයක දී අනතුරට ලක් වූ එයාර් ඉන්දියා ගුවන් යානයේ මගීන් 242ක් පමණ සිටි බවටයි වාර්තා වන්නේ.

ගුවන් යානය ලන්ඩනයේ ගැට්වික් ගුවන්තොටුපොළ බලා පියාසැරීම ආරම්භ කර මඳ වේලාවක් ගත වන විට යානය කඩා වැටී තිබෙනවා.

මේ වනවිට ගිනි නිවීමේ භටයින් මෙන් ම මුදා ගැනීමේ කණ්ඩායම් ද අදාළ ස්ථානයේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

මූලාශ්‍රය – www.hindustantimes.com



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14