බංග්ලාදේශ අන්තර් වාර රජයේ ප්‍රධාන උපදේශක මුහම්මද් යූනුස් බ්‍රිතාන්‍යයේ සංචාරයකට එක් ව සිටිනවා.
මෙම සංචාරය සිව්දින නිල සංචාරයක් බවත්, ජන වරමකින් පත් නොවූ අයෙකු විදෙස් සංචාර සිදු කිරීමට එරෙහිව බංග්ලාදේශයේ විරෝධතා රැසක් ආරම්භ වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරනවා.
මුහම්මද් යූනුස් අඟහරුවාදා එක්සත් රාජධානියේ සිව් දින සංචාරයක් ආරම්භ කරන විට හීත්‍රෝ ගුවන් තොටුපළෙන් පිටත සහ මධ්‍යම ලන්ඩන් හෝටලයකට විරෝධතාකරුවන් සිය ගණනක් රැස් ව සිටි බවත් වාර්තා වනවා.
කළු කොඩි සහ බැනර් රැගෙන ප්‍රදර්ශනය කරමින්; විරෝධතාකරුවන් සඳහන් කර ඇත්තේ; “යූනුස් විමුක්ති යුද්ධයේ නිදහස් සටන්කරුවන්ගේ ඝාතකයෙකි” යනුවෙන්.
ඇතැමුන් සඳහන් කර ඇත්තේ; “යූනුස් ආපසු යන්න” වැනි රැඩිකල්වාදී සටන් පාඨ වීම ද විශේෂත්වයක්.





