කිසියම් අවස්ථාවක දී ප්‍රහාරයක් එල්ල වුවහොත්, නිසැකයෙන් ම පාකිස්තානය ඇතුළුව ත්‍රස්තවාදීන් සිටින ඕනෑම තැනක් දඩයම් කරන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් පවසනවා.
ඉන්දියාවේ පවතින ආරවුල නිශ්චිත රටක් ඉලක්ක කර නොගෙන බවයි විදේශ අමාත්‍යවරයා පැහැදිලි කර ඇත්තේ.
සැබවින්ම මෙම ගැටුම ඇත්තේ ” ඉන්දියාව හා ත්‍රස්තවාදය’ අතර පමණක් බව ද ජයිශංකර් අවධාරණය කළා.
තම දේශසීමා හරහා ආරම්භ වන ත්‍රස්තවාදයට එරෙහිව ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට ඉන්දියාව පසුබට නොවන බවයි ඉන්දීය විදේශ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
ප්‍රංශ දිනපතා පුවත්පතක් වන Le Figaro වෙත ජයිශංකර් පවසා ඇත්තේ, අප්‍රේල් 22 වන දින පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරය සහ මැයි 7 වන දින ඉන්දියාවේ පළිගැනීමේ ප්‍රහාර ගැන විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මේ බව පැවසූ බවයි.















