ඔස්ට්‍රියානු පාසලක වෙඩි තැබීමක් – 09 දෙනෙකු මරුට

දකුණු ඔස්ට්‍රියාවේ ග්‍රාස් නගරයේ පිහිටි ද්විතීයික පාසලක වෙඩි තැබීමක් සිදු ව, ඉන් අවම වශයෙන් පුද්ගලයින් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ, අද (10) මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර මෙය ඔස්ට්‍රියාවේ පාසලක සිදු වූ දරුණුතම ඛේදවාචකයක් ලෙස සැලකෙන බවයි.

නාඳුනන වෙඩික්කරු තනිවම ප්‍රහාරයට පැමිණ ඇති අතර ප්‍රහාරයෙන් වෙඩික්කරු ද මියගොස් තිබෙනවා.

ඔස්ට්‍රියාවේ ජාතික ගුවන් විදුලි නාලිකාවක් වන ORF පැවසුවේ පුද්ගලයින් 30 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි.

මියගිය අයගෙන් වැඩි දෙනෙක් පාසලේ සිසුන් බව ඔස්ට්‍රියානු මාධ්‍ය වාර්තා කළා.

පොලිසිය ඝාතකයා ප්‍රසිද්ධියේ හඳුනා නොගත් නමුත් ඔස්ට්‍රියානු මාධ්‍ය තහවුරු නොකළ වාර්තා උපුටා දක්වමින් කියා සිටියේ ඔහු පාසලට ඇතුළු වී සිසුන්ට වෙඩි තැබූ හිටපු ශිෂ්‍යයෙකු බවයි.

“ග්‍රාස් හි පාසලක ඇති වූ කලහය අපේ මුළු රටම දැඩි ලෙස කම්පා කළ ජාතික ඛේදවාචකයක්,” ඔස්ට්‍රියානු චාන්සලර් ක්‍රිස්ටියන් ස්ටෝකර් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

මේ වනවිට ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති අතර, වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

මූලාශ්‍රය -REUTERS

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?