ඔස්ට්‍රියානු පාසලක වෙඩි තැබීමක් – 09 දෙනෙකු මරුට

දකුණු ඔස්ට්‍රියාවේ ග්‍රාස් නගරයේ පිහිටි ද්විතීයික පාසලක වෙඩි තැබීමක් සිදු ව, ඉන් අවම වශයෙන් පුද්ගලයින් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ, අද (10) මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර මෙය ඔස්ට්‍රියාවේ පාසලක සිදු වූ දරුණුතම ඛේදවාචකයක් ලෙස සැලකෙන බවයි.

නාඳුනන වෙඩික්කරු තනිවම ප්‍රහාරයට පැමිණ ඇති අතර ප්‍රහාරයෙන් වෙඩික්කරු ද මියගොස් තිබෙනවා.

ඔස්ට්‍රියාවේ ජාතික ගුවන් විදුලි නාලිකාවක් වන ORF පැවසුවේ පුද්ගලයින් 30 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි.

මියගිය අයගෙන් වැඩි දෙනෙක් පාසලේ සිසුන් බව ඔස්ට්‍රියානු මාධ්‍ය වාර්තා කළා.

පොලිසිය ඝාතකයා ප්‍රසිද්ධියේ හඳුනා නොගත් නමුත් ඔස්ට්‍රියානු මාධ්‍ය තහවුරු නොකළ වාර්තා උපුටා දක්වමින් කියා සිටියේ ඔහු පාසලට ඇතුළු වී සිසුන්ට වෙඩි තැබූ හිටපු ශිෂ්‍යයෙකු බවයි.

“ග්‍රාස් හි පාසලක ඇති වූ කලහය අපේ මුළු රටම දැඩි ලෙස කම්පා කළ ජාතික ඛේදවාචකයක්,” ඔස්ට්‍රියානු චාන්සලර් ක්‍රිස්ටියන් ස්ටෝකර් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

මේ වනවිට ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති අතර, වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

මූලාශ්‍රය -REUTERS



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03