උතුම් පුන් පොහෝ දා දුන් අක්ෂි දන්සැල – තනි වෛද්‍යවරයෙකුගෙන් අදහාගත නොහැකි වැඩක්

පොසොන් පොහෝ දින වෙනුවෙන් 300 දෙනෙකුට පමණ ඇස් ලබාදීමේ අක්ෂි දන්සැලක් පැවැත්වුණා.

ඒ අනුව අක්ෂි ආබාධ සහිත 300 දෙනෙකු වෙනුවෙන් අද (10) අලුයම 05 සිට කුලියාපිටිය ශික්ෂණ රෝහලේ දී පැවැත්වුණේ විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය කසුන් ගුණවර්ධන මහතාගේ අදහසකට අනුවයි.

මෙම අක්ෂි දන්සැල විශේෂ වන්නේ එක් විශේෂඥ වෛද්‍යවරයෙකු තනි ව එතරම් විශාල ප්‍රමාණයකගේ ඇස් පාදා දී, ඇසේ සුද ඉවත්කර කාච දැමීමේ ශල්‍යකර්ම සිදු කිරීම හේතුවෙන්.

එම පුණ්‍ය ක්‍රියාවට ශල්‍යාගාරයේ සියලුම වෛද්‍ය හා හෙද කාර්ය මණ්ඩල මෙන්ම අක්‍ෂි සායන වාට්ටුවල වෛද්‍ය, හෙද හා කනිෂ්ඨ කාර්ය
මණ්ඩලය මේ සඳහා රෝහල් බලධාරීන් සමග දින කිහිපයක් වෙහෙස වී සිදුකර ඇති බව කුලියාපිටිය ශික්‍ෂණ රෝහල් නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය මධූෂ
සත්කුමාර පැවසුවා.

එමෙන්ම මූලික ව සායනවලට කැඳවා අදාළ පරික්‍ෂාවන් සිදුකර මෙසේ 250ත් – 350ත් අතර ප්‍රමාණයක් තෝරාගෙන ඇති බවත් ඇතැම් විට අද (10) මධ්‍යම රාත්‍රිය වන තෙක්ම අදාළ ශල්‍යකර්ම සිදු කිරීමට සිදු වේවි යැයි ද දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
0
+1
4
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එංගලන්තයට ගිය අගමැතිනිය යළි දිවයිනට ආ හැටි
00:23
Video thumbnail
අරගයක් ආවොත් ගු#ටිකාලා යන්න වෙයි කියලා මාලිමාවේ සමහරු දැන්ම යනවා
03:56
Video thumbnail
සජබයේ කාටවත් නඩු නෑ..හොරකම් නෑ..බංකොළොත් කරලා සජබයට බලය ගන්න ඕනි නෑ
02:58
Video thumbnail
වෙසක්වලට දන්සැල් දෙනවනම් මේක දැනගන්න..අකමැත්තෙන් වුණත් නීතිය ක්‍රියාත්මක කරනවා
03:41
Video thumbnail
උතුරේ හෙල්මට් නැතුව බයික්වල ගිය තරුණයින් තිදෙනෙක් අත්අඩංගුවට ගත්තා..නීතිය හැමට සමානයි
02:19
Video thumbnail
හේමරතන හිමි තවත් මෙහෙම සිදුවීම් කරලද ? බලයෙන් යට ගිහින්ද ?..දැරිය මුදලටද ලබාගත්තේ ?
05:56
Video thumbnail
අටමස්ථානාධිපතිගේ සිද්ධිය නිසා පොලිස් මාධ්‍ය සාකච්ඡාව උණුසුම්..පොලිසියටත් උත්තර නැතිවෙයි?
08:08
Video thumbnail
අපරාධකරුවන් 21 ලංකාවට ගෙනාපු මෙහෙයුම පොලිසිය හෙළිකරයි..ඉරානයේ පවතින යුද්දයෙන් කොටු වෙන්නේ
02:47
Video thumbnail
මෙරටට ගෙනා සැකකරුවන් 21ට වෙන්න යන දේ මෙන්න - කිසිදු සැකකරුවෙක්ට යහතින් ඉන්න බෑ
08:09
Video thumbnail
නම්බුකාර විදියට ඉල්ලා අස්වෙන්න..පළවෙනිදා ආණ්ඩුවට වෙන්න යන දේ තිස්සකුට්ටි හෙළිකරයි
05:07