උතුම් පුන් පොහෝ දා දුන් අක්ෂි දන්සැල – තනි වෛද්‍යවරයෙකුගෙන් අදහාගත නොහැකි වැඩක්

පොසොන් පොහෝ දින වෙනුවෙන් 300 දෙනෙකුට පමණ ඇස් ලබාදීමේ අක්ෂි දන්සැලක් පැවැත්වුණා.

ඒ අනුව අක්ෂි ආබාධ සහිත 300 දෙනෙකු වෙනුවෙන් අද (10) අලුයම 05 සිට කුලියාපිටිය ශික්ෂණ රෝහලේ දී පැවැත්වුණේ විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය කසුන් ගුණවර්ධන මහතාගේ අදහසකට අනුවයි.

මෙම අක්ෂි දන්සැල විශේෂ වන්නේ එක් විශේෂඥ වෛද්‍යවරයෙකු තනි ව එතරම් විශාල ප්‍රමාණයකගේ ඇස් පාදා දී, ඇසේ සුද ඉවත්කර කාච දැමීමේ ශල්‍යකර්ම සිදු කිරීම හේතුවෙන්.

එම පුණ්‍ය ක්‍රියාවට ශල්‍යාගාරයේ සියලුම වෛද්‍ය හා හෙද කාර්ය මණ්ඩල මෙන්ම අක්‍ෂි සායන වාට්ටුවල වෛද්‍ය, හෙද හා කනිෂ්ඨ කාර්ය
මණ්ඩලය මේ සඳහා රෝහල් බලධාරීන් සමග දින කිහිපයක් වෙහෙස වී සිදුකර ඇති බව කුලියාපිටිය ශික්‍ෂණ රෝහල් නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය මධූෂ
සත්කුමාර පැවසුවා.

එමෙන්ම මූලික ව සායනවලට කැඳවා අදාළ පරික්‍ෂාවන් සිදුකර මෙසේ 250ත් – 350ත් අතර ප්‍රමාණයක් තෝරාගෙන ඇති බවත් ඇතැම් විට අද (10) මධ්‍යම රාත්‍රිය වන තෙක්ම අදාළ ශල්‍යකර්ම සිදු කිරීමට සිදු වේවි යැයි ද දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවා.