ප්‍රකාශයක් ලබාදීමට අද (09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ඉන් පිටව ගොස් තිබෙනවා.
අද (09) උදෑසන 10.00ට පමණ එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි ඔහුගෙන් පැය හතරකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා.
ප්‍රශ්නගත බහාලුම් නිදහස් කිරීම සම්බන්ධ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට පැමිණීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ රේගු පරික්ෂාවකින් තොරව බහාලුම් 371ක් නිදහස් කර ඇති බවට තමන් වෙත තොරතුරු ලැබී ඇති බවයි.
එම බහාලුම් 371 පිළිබඳ සියලු විස්තර තමන් සතුව පවතින බවත්, අදාළ ලැයිස්තුව තමන් පොලිසිය වෙත භාරදුන් බවත් ඔහු මෙහිදී සඳහන් කර සිටියා.
උදය ගම්මන්පිල ප්‍රසිද්ධියට පත් කළ බහාලුම් 371 පිළිබඳ තොරතුරු මෙතැනින්..















