CID යෙන් අත්අඩංගුවට ගත් අනුරපුර බන්ධනාගාර අධිකාරි අද අධිකරණයට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගැනුණු අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අද (09) දින අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

රුපියල් ලක්ෂ 40ක මුදලක් වංචාකර සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවකට අනුරාධපුර මහාධිකරණය විසින් වරදකරුකර සිරදඬුවම් නියම කර සිටි විත්තිකරුවෙකු බන්ධනාගාරයෙන් නිදහස් කිරීමට අනුබලදීමේ චෝදනාවට අදාළව ඔහුව ඊයේ (08) අත්අඩංගුවට ගනු ලැබුවා.

අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරුවරියට ලිඛිත දැනුම්දීමක් මගින් අදාළ සිරකරුවා ජනාධිපති පොදුසමාව යටතේ නිදහස් කර ඇති බව පවසා ඇති බවයි විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

ඒ, අනුව අධිකරණය මගින් වරදකරු කර දඬුවම් නියම කර සිටි ඩබ්ලිව්.එම්.අතුල තිලකරත්න නැමැත්තාපසුගිය මැයි 12 වනදාට යෙදී තිබූ වෙසක් පෝහෝ දිනයේ ජනාධිපති සමාව යටතේ නිදහස් කර ඇති බවයි වාර්තා වන්නේ.

බන්ධනාගාර අධිකාරිවරයාගේ එම කරුණු දැක්වීම් සැලකිල්ලට ගෙන උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරු ලක්මාලි හේවාවසම් මෙනවිය අදාළ විත්තිකරුව නිදහස් කර මුදාහරින ලෙස නියෝගකර තිබෙනවා.

මේ සාම්බන්ධයෙන් වන විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සිදුකරනු ලබන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
8
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
IMF නියෝජිත පිරිසක් ජනාධිපතිව හමුවෙයි
01:35
Video thumbnail
වාහන නවත්තලා දඩ කොළ දෙනවා වෙනුවට දුන්න සව් දන්සැල
01:21
Video thumbnail
Mr. කොත්තු හිමිකරු වෙනුවෙන් පෙරට ආ සේවකයෝ
01:32
Video thumbnail
ගාල්ලේ ඉදලා ඇවිත් අනුරාධපුරේ ආච්චි කෙනෙක්ට සත්තම දැම්ම සෙට් එක
01:22
Video thumbnail
නිවසක තිබියදී අධි බලැති යතුරුපැදි පහක් කොටුවෙයි
00:59
Video thumbnail
රජයේ සේවකයන්ට හාල් ණයට දෙනවා - ආණ්ඩුව මෙච්චර වැටිලද ?දැනෙන ප්‍රමාණයට තෙල් මිල අඩු කරන්න
01:49
Video thumbnail
Praharaya| ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි සහභාගිවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ශ්‍රී ලංකාවේ ඔරොත්තු දීමේ හැකියාව IMF එක අගයයි - IMF නියෝජිත පිරිසක් ජනාධිපතිව හමුවෙයි
05:00
Video thumbnail
තෙල් මිල අඩු කිරීම ගැන අපි සතුටු වෙනවා - සියලුම දේශීය නිෂ්පාදනවල මිල අද මධ්‍යම රාත්‍රියේ සිට පහළට
07:27
Video thumbnail
ගම්පොල නගරයේ ගැබිණි මව්වරුන් වෙනුවෙන් විශේෂ දන්සලක්
01:51