බෑණාගේ පහරදීමෙන් මාමාණ්ඩී ජීවිතක්ෂයට

පෞද්ගලික ආරවුලක් හේතුවෙන් යකඩ පොල්ලකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වන්නේ ඊයේ (05) පස්වරුවේ තණමල්විල – හම්බෙගමුව, ඇදකෝණය ප්‍රදේශයේදියි.

සැකකරු විසින් සිය බිරිඳගේ පියා වෙත මෙලෙස පහර දී ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

30 හැවිරිදි සැකකරු ඝාතනයෙන් පසුව ප්‍රදේශයෙන් පලා ගොස් සැඟව සිටියදී අත්අඩංගුවට ගැනුණා.

අත්අඩංගුවට පත් පුද්ගලයා හා බිරිඳ අතර කලක සිට පවුල් ආරවුල් පැවති බවත්, සැකකරු විසින් බිරිඳට නිතරම පහරදෙන බැවින් ඒ ගැන විමසීමට ඇයගේ පියා නිවසට ආ අවස්ථාවේදියි සැකකරු උරණ වී පහරදීම සිදු කර ඇත්තේ.

පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ 58 හැවිරිදි විතාරණගේ ගාමිණී යන අය ඇඹිලිපිටිය මුලික රෝහලට ඇතුළත් කර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මරණකරුව කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරු කෙරුණා.

පසුව එහි ප්‍රතිකාර ලබා යළිත් ප්‍රතිකාර වෙනුවෙන් ඇඹිලිපිටිය මූලික රෝහලට මාරු කෙරුණු අතර එසේ ගිලන් රථයේ රැගෙන එමින් සිටියදී පෙරේදා පස්වරුවේ ජීවිතක්ෂයට පත් වුණා.

සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?