රුපියල් ලක්ෂ 20ක රන් භාණ්ඩ සමග සැකකරුවන් තිදෙනෙකු නීතියේ රැහැනට

කොටදෙණියාව පොලිසිය විසින් සිදු කරන ලද මෙහෙයුමක දී රුපියල් ලක්ෂ 20ක රන් භාණ්ඩ සමඟ සැකකරුවන් තිදෙනෙක් සහ යතුරුපැදියක් අත් අඩංගුවට ගැනුණා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, මන්නා පිහි පෙන්වා මහමග ගමන් කරන පුද්ගලයින් බියවද්දා රන් ආභරණ පැහැර ගැනීමේ යෙදුණු මත්ලෝලී කල්ලියක සාමාජිකයින් තිදෙනෙක් මෙලෙස අත් අඩංගුවට ගැනුණු බවයි පැවසෙන්නේ.

මෙම මෙහෙයුමට කටාන පොලිසියේ ද සහාය ලැබී තිබෙනවා.

දේපළ පැහැරගැනීමට සැකකරුවන් ගමන් කිරීමට යොදාගත් නවීන පන්නයේ යතුරුපැදිය ඉකුත් පෙබරවාරි මාසයේ දී බෙම්මුල්ල පොලිස් වසමේ දී මන්නා පිහිය පෙන්වා තරුණයෙකු බිය ගන්වා පැහැර ගැනීමට භාවිත කරන ලද්දක් බවට ද හෙළි ව තිබෙනවා.

මේ වසරේ මුල් මාස කිහිපය තුළ දී මීරිගම – ගිරිඋල්ල, කොටදෙනියාව, පන්නල, දිවුලපිටිය, බෙම්මුල්ල, ගම්පහ ඇතුළු පොලිස් වසම් ගණනාවක මේ ආකාරයෙන් මන්නා පිහි පෙන්වා දේපොළ පැහැර ගැනීමේ සිද්ධි සම්බන්ධයෙන් පොලිස් ස්ථාන වෙත පැමිණිලි ලැබී තිබූ බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ කටාන, කටුවැල්ලේගම, මීරිගම සහ උල්ලලපොල පදිංචිකරුවන් තිදෙනෙක්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා සමග රන් භාණ්ඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව කොටදෙනියාව පොලිසි ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාලිය ලක්මාල් පතිරාජ සූරිය මහතා පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස්පති, ආනන්ද විජේපාල ඇතුළු ප්‍රබලයින් රැසක් ජනපති සමඟ විශේෂ හමුවක් - මෙන්න ගත් පියවර
01:16
Video thumbnail
කසළ ප්‍රශ්නයට ආණ්ඩුවෙන් විසඳුම් - ආකල්පයන් පවා වෙනස් කරන්න වෙනවා
03:18
Video thumbnail
නීතිවිරෝධීව ධීවර කටයුතු කරමින් සිටියදී අනතුරට පත්වුණු ධීවර යාත්‍රාව
00:58
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට බස් යොදවා ඇති අයුරු මෙන්න - වෙනදා වෙලාවටම තමයි යන්නේ
05:08
Video thumbnail
ගල් අඟුරු කොමිසමට සාක්ෂි දෙන්න ආ DV චානක හා කුමාර ජයකොඩි
02:24
Video thumbnail
අකිල ගැන UNPයෙන් කට අරියි - හොරු අල්ලන වැඩේ කළේ රනිල්..විහිළු සපයන්න එපා
02:48
Video thumbnail
රනිල් එකතුවී කතා කළ දේ වජිර හෙළිකරයි - අපේ කාලයේ සමථ මණ්ඩල රැස්වුණා
06:52
Video thumbnail
Industry කියලා කෑගැහුවට වැඩක් නෑ..ඒකනේ අපි කොවීඩ් කාලේ හොම්බෙන් ගියේ- භාතියගෙන් සැර කතාවක්
14:43
Video thumbnail
මල්පාරේ සාකච්ඡාවෙන් පසු ‍රංගේ බණ්ඩාර කිව්ව දේ - "දේශපාලනයේ නැත්තම් මෙතෙන්ට එනවයි"
02:20
Video thumbnail
සන්තූෂ් ඇතුළු සෙට් එක බුද්ධිමය දේපළ නිසා පැටලෙයි - අපි හැමදාම ගෙව්වේ පොටෝකොපිවලට විතරනේ
07:32