හිටපු ජනපති රනිල් ඇතුළු පිරිසකට එරෙහිව පෙත්සම් දෙකක් විභාගයට ගැනීමට තීරණය කරයි

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු සුරාබදු පනතට පටහැනි අන්දමින් නව මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම මගින් මුදල් ඇමතිවරයා ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම් දෙකක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ 2024 ජූලි 26 වැනිදා සිට ජනාධිපතිවරණය පැවැත්වූ 2024 සැප්තැම්බර් 24 වැනිදා තෙක් මාස දෙකක කාලය තුළ නිකුත් කළ මත්පැන් බලපත්‍රවලට අදාළ තොරතුරු සහ 2024 වසර තුළ අලුතින් නිකුත් කළ මත්පැන් බලපත්‍රවලට අදාළ තොරතුරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට වැඩිදුරටත් නියෝග කළා.

යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා, මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම අද (03) කැඳවනු ලැබුවා.

මාතලේ ප්‍රදේශයේ පදිංචි තංගවේලු ධනේන්දරාජා ඇතුළු පිරිසක් ගොනු කර තිබු පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ඒ. ගුණසිරි, අතිරේක සුරාබදු කොමසාරිස් ඒ.එම්.පී.අරම්පල, නියෝජ්‍ය කොමසාරිස්වරුන් වන සී.ජේ.ඒ වීරක්කොඩි, යූ.ඩී.එන්. ජයවීර සහ මුදල අමාත්‍ය ලේකම් මහින්ද සිරිවර්ධන මහත්වරු සහ, අල්ලස් කොමිසමේ සභාපතිවරයා ඇතුළු 39 දෙනකුට නම් කර තිබෙනවා.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ පසුගිය ජූලි 26 වැනිදා සිට ජනාධිපතිවරණ පැවැති සැප්තැම්බර් 21 වැනිදා අතර කාල සීමාව තුළ වගඋත්තරකරුවන් සුරාබදු පනතේ විධිවිධානයන්ට පටහැනිව යමින් මත්පැන්හල් බලපත්‍ර ගණනාවක් නිකුත් කර ඇතැයි සඳහන් කරන පෙත්සම්කරුවෝ අදාළ බලපත්‍ර අහෝසි කරන්නැයි ඉල්ලා සිටියා.

පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන්නැයි ද පෙත්සම්කරුවෝ ඉල්ලා සිටියා.

ඉදිරිපත් වු කරුණ සළකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් විභාගයට ගැනීමට තීිරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
15
+1
0
+1
1
+1
2
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07


?