රාජිතගේ නඩුව අගෝස්තු 29ට යළි කැඳවීමට නියෝග

ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමක් වෙත බදු දීමේ දී රජයට පාඩුවක් සිදු කළ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුව අගෝස්තු මස 29 වැනි දා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණ නවරත්න මාරසිංහ මහතා නියෝග කර තිබෙනවා.

අද (03) නඩුව කැඳවු අවස්ථාවේ දී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටී නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ මෙම විත්තිකරුවන්ට අදාළ චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අවශ්‍ය බවත් ඒ සඳහා දිනයක් ලබා දෙන ලෙසයි.

ඒ අනුව අදාළ චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අවසර දුන් මහාධිකරණ විනිසුරුවරයා නඩුව නැවත අගෝස්තු මස 29 වැනිදා කැඳවන ලෙස නියෝග කළා.

2014 අගෝස්තු මස 01 වැනිදා සහ එම වසරේ නොවැම්බර් මස 01 වැනි දා අතර කාලසීමාව තුළ මෝදර ධීවර වරාය “සී ගල්ෆ් යූ කේ” නමැති පුද්ගලික සමාගමකට බදු දීමේදී රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් එවක ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?