අබිරහස් ලෙස මියගිය පිරිමි මළසිරුරක් වෙල් යායකින් හමු වී තිබෙනවා.
අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ 48 හැවිරිදි වියෙහි පසු වූ ගාල්ලේ කුඹුරආරච්චිලගේ රත්නායක නමැති අයෙකු මෙලෙස මියගොස් ඇති බවයි.
ඔහු ගඟසිරිපුර – තලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
තඹුත්තේගම පොලිස් වසමේ මැහිඇල්ලෑව පාරට යාබද කුඹුරු යායේ ඇළ අසල මියගොස් සිටියදී මෙම මළසිරුර සොයා ගැනුණා.
ඔහුගේ මළසිරුර සමග ඔහුගේ යැයි සැක කෙරෙන යතුරුපැදිය ද ඒ අසල තිබී සොයා ගෙන ඇති බවත් පැවසෙන්නේ.
මරණකරු වසර 15කට ඉහත දී බිරිඳගෙන් වෙන් ව ප්‍රදේශයෙන් පිටව ගොස් කොළඹ ප්‍රදේශයේ පදිංචි ව සිට තිබෙනවා.
පසුව ඔහු නැවත දින කිහිපයකට පසුව තඹුත්තේගම ප්‍රදේශයේ ඔහුගේ සොහොයුරාගේ නිවසට පැමිණ ඇති බවයි පැවසෙන්නේ.
මෙම පුද්ගලයා ඔහුගේ සෙහොයුරාගේ එම නිවසින් ද මැයි මස 31 වැනි දින පිටත් ව ගොස් තිබෙනවා.
කෙසේවෙතත් මෙම අබිරහස් මරණය පිළිබඳ ව මෙතෙක් නිල වශයෙන් අපරාධයක් ද නැතහොත් ස්වාභාවික මරණයක් දැයි තහවුරු කරගෙන නැහැ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.





