අබිරහස් ලෙස මියගිය අයෙකුගේ සිරුරක් කුඹුරකින් හමුවෙයි

අබිරහස් ලෙස මියගිය පිරිමි මළසිරුරක් වෙල් යායකින් හමු වී තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ 48 හැවිරිදි වියෙහි පසු වූ ගාල්ලේ කුඹුරආරච්චිලගේ රත්නායක නමැති අයෙකු මෙලෙස මියගොස් ඇති බවයි.

ඔහු ගඟසිරිපුර – තලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

තඹුත්තේගම පොලිස් වසමේ මැහිඇල්ලෑව පාරට යාබද කුඹුරු යායේ ඇළ අසල මියගොස් සිටියදී මෙම මළසිරුර සොයා ගැනුණා.

ඔහුගේ මළසිරුර සමග ඔහුගේ යැයි සැක කෙරෙන යතුරුපැදිය ද ඒ අසල තිබී සොයා ගෙන ඇති බවත් පැවසෙන්නේ.

මරණකරු වසර 15කට ඉහත දී බිරිඳගෙන් වෙන් ව ප්‍රදේශයෙන් පිටව ගොස් කොළඹ ප්‍රදේශයේ පදිංචි ව සිට තිබෙනවා.

පසුව ඔහු නැවත දින කිහිපයකට පසුව තඹුත්තේගම ප්‍රදේශයේ ඔහුගේ සොහොයුරාගේ නිවසට පැමිණ ඇති බවයි පැවසෙන්නේ.

මෙම පුද්ගලයා ඔහුගේ සෙහොයුරාගේ එම නිවසින් ද මැයි මස 31 වැනි දින පිටත් ව ගොස් තිබෙනවා.

කෙසේවෙතත් මෙම අබිරහස් මරණය පිළිබඳ ව මෙතෙක් නිල වශයෙන් අපරාධයක් ද නැතහොත් ස්වාභාවික මරණයක් දැයි තහවුරු කරගෙන නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
08:07:02
Video thumbnail
දිවුලපිටියේ වේගවත් සංවර්ධනය ගැන මාලිමා සභාපති හෙළිකරයි - ජාවාරම්කාරයන් බහුල වුණ ප්‍රදේශයක් තිබුණේ
03:56
Video thumbnail
දළඳා වහන්සේ තැන්පත් කිරීමට ලැබුණ ස්වර්ණමය කරඬුව ගැන විශේෂ ප්‍රකාශයක්
01:36
Video thumbnail
අර්චුනා ආණ්ඩුවට දැම්ම සැර හින්ට් එක ? අඩිය ගහන්නෙත් නෑ අපි එක්ක බොන්න එන්නෙත් නෑ
00:42
Video thumbnail
සජබය හොයාගෙන ආ ප්‍රබලයින් - 22කට එරෙහිව ලොකු වැඩක් කරන්න යන්නේ
01:05
Video thumbnail
අපි 23 වෙනිදා කොළඹට ලක්ෂයක් ගේනවා..මෛත්‍රී ගුණරත්න කියයි
02:33
Video thumbnail
ලංකාවේ රජ කළ පාතාලය වෙන රටවලට දිව්වේ අපේ ආණ්ඩු කාලයේ - හැම රජයක්ම පාතාල කල්ලි කුදලන් ආවා
02:58
Video thumbnail
ජනාධිපති රට වටේ ගිහින් පරණ බොරු පම්පෝරි නැවත කියනවා - රටට ආදරය කරන ජනතාව හෙට එන්න
04:47
Video thumbnail
2016 බොරතෙල් ආනයනයේදී දැවැන්ත දූ#ණයක් වෙලා..දයාසිරි කට අරියි
05:44