ගම්පොළ මහේස්ත්‍රාත්වරියට තර්ජනාත්මක නිර්නාමික ලිපි – විමර්ශන ඇරඹෙයි

ගම්පොළ මහෙස්ත්‍රාත්වරියට අපහාසාත්මකව හා තර්ජනාත්මකව නිර්නාමික ලිපි ලැබෙන බවට ඇය විසින් ගම්පොළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට පැමිණිලි කර තිබෙනවා.

අධිකරණයෙහි විභාග වන නඩු සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරිය ගන්නා නිර්භය හා නිර්පාක්ෂික තීන්දු සමග මෙම තර්ජනාත්මක ලිපි ලැබීමේ වැඩිවීමත් සමග මහේස්ත්‍රාත් කාංචනා කොඩිතුවක්කු මහත්මිය විසින් මේ පිළිබඳව ගම්පොළ පොලිස් අධිකාරී කාර්යාලයෙහි මෙලෙස පැමිණිලි සටහන් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් සිද්ධිය පිළිබඳව විමර්ශනයක් අරඹනු ලැබුවා.

ඉකුත් සතියේ අධිකරණයේ නඩුවක් කැඳවා ඒ පිළිබඳව කරුණු පැහැදිලි කරමින් සිටියදී එම නඩුවෙහි පැමිණිලිකාර පාර්ශ්වය නියෝජනය කළ උඩපළාත ප්‍රාදේශීය ලේකම්වරියගේ උපදෙස් මත කාර්යාලයේ නිලධාරිනියන් දෙදෙනෙකු ගම්පොළ අධිකරණය වෙත පැමිණ සිටි අතර මහේස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේ කරුණු පැහැදිලි කරමින් සිටියදී ඇගේ කතාවට දෙවරක් සමච්චල් වන ආකාරයෙන් සිනාසීම සම්බන්ධයෙන් එම නිලධාරිනියන්ට අවවාද කර තිබියදීත් නැවත එලෙස සිනාසීම අධිකරණයට අපහාස කිරීමක් ලෙස සලකා අභියාචනාධිකරණයේ නඩු පැවැරීමට ද කටයුතු කර තිබෙනවා.

එමෙන්ම මෙම කැඳවා තිබූ නඩුව ජුනි මාසයට යෙදී තිබී ඇතත් ප්‍රාදේශීය ලේකම්වරිය විසින් මෝසමක් මගින් එය මැයි මාසයේ කැඳවා තිබූ බව ද හෙළි වී තිබෙනවා.

එදින කැඳවා තිබු මෙම නඩුව සම්බන්ධ කරගනිමින් මහෙස්ත්‍රාත්වරියට තර්ජනාත්මක ස්වරූපයෙන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය තත්ත්වයට ගම්පොළ අධිකරණය පත් කර නොගන්නා වැනි අපහාස වන ආකාරයට නිර්නාමික ලිපි ලැබීම පිළිබඳව විමර්ශනයක් කර අදාළ සිද්ධියට සම්බන්ධවූවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ඇය විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලෙහි සඳහන්.

ප්‍රාදේශීය ලේකම්වරිය ඉකුත් සතියේ මහනුවර දිසාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකදී ද ගම්පොල මහේස්ත්‍රාත්වරිගේ ක්‍රියා කලාපය විවේචනය කර ඇති බවට ද තොරතුරු වාර්තා වී තිබෙනවා.

එම විවේචන හා පෙත්සම් අතර සම්බන්ධයක් ඇති දැයි යන්න පිළිබඳවත් පොලීසියේ අවධානය යොමුව ඇති බව ද පොලිසීය සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?