ගම්පොළ මහේස්ත්‍රාත්වරියට තර්ජනාත්මක නිර්නාමික ලිපි – විමර්ශන ඇරඹෙයි

ගම්පොළ මහෙස්ත්‍රාත්වරියට අපහාසාත්මකව හා තර්ජනාත්මකව නිර්නාමික ලිපි ලැබෙන බවට ඇය විසින් ගම්පොළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට පැමිණිලි කර තිබෙනවා.

අධිකරණයෙහි විභාග වන නඩු සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරිය ගන්නා නිර්භය හා නිර්පාක්ෂික තීන්දු සමග මෙම තර්ජනාත්මක ලිපි ලැබීමේ වැඩිවීමත් සමග මහේස්ත්‍රාත් කාංචනා කොඩිතුවක්කු මහත්මිය විසින් මේ පිළිබඳව ගම්පොළ පොලිස් අධිකාරී කාර්යාලයෙහි මෙලෙස පැමිණිලි සටහන් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් සිද්ධිය පිළිබඳව විමර්ශනයක් අරඹනු ලැබුවා.

ඉකුත් සතියේ අධිකරණයේ නඩුවක් කැඳවා ඒ පිළිබඳව කරුණු පැහැදිලි කරමින් සිටියදී එම නඩුවෙහි පැමිණිලිකාර පාර්ශ්වය නියෝජනය කළ උඩපළාත ප්‍රාදේශීය ලේකම්වරියගේ උපදෙස් මත කාර්යාලයේ නිලධාරිනියන් දෙදෙනෙකු ගම්පොළ අධිකරණය වෙත පැමිණ සිටි අතර මහේස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේ කරුණු පැහැදිලි කරමින් සිටියදී ඇගේ කතාවට දෙවරක් සමච්චල් වන ආකාරයෙන් සිනාසීම සම්බන්ධයෙන් එම නිලධාරිනියන්ට අවවාද කර තිබියදීත් නැවත එලෙස සිනාසීම අධිකරණයට අපහාස කිරීමක් ලෙස සලකා අභියාචනාධිකරණයේ නඩු පැවැරීමට ද කටයුතු කර තිබෙනවා.

එමෙන්ම මෙම කැඳවා තිබූ නඩුව ජුනි මාසයට යෙදී තිබී ඇතත් ප්‍රාදේශීය ලේකම්වරිය විසින් මෝසමක් මගින් එය මැයි මාසයේ කැඳවා තිබූ බව ද හෙළි වී තිබෙනවා.

එදින කැඳවා තිබු මෙම නඩුව සම්බන්ධ කරගනිමින් මහෙස්ත්‍රාත්වරියට තර්ජනාත්මක ස්වරූපයෙන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය තත්ත්වයට ගම්පොළ අධිකරණය පත් කර නොගන්නා වැනි අපහාස වන ආකාරයට නිර්නාමික ලිපි ලැබීම පිළිබඳව විමර්ශනයක් කර අදාළ සිද්ධියට සම්බන්ධවූවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ඇය විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලෙහි සඳහන්.

ප්‍රාදේශීය ලේකම්වරිය ඉකුත් සතියේ මහනුවර දිසාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකදී ද ගම්පොල මහේස්ත්‍රාත්වරිගේ ක්‍රියා කලාපය විවේචනය කර ඇති බවට ද තොරතුරු වාර්තා වී තිබෙනවා.

එම විවේචන හා පෙත්සම් අතර සම්බන්ධයක් ඇති දැයි යන්න පිළිබඳවත් පොලීසියේ අවධානය යොමුව ඇති බව ද පොලිසීය සඳහන් කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33