පානදුර – වෑකඩ වෙඩික්කරුවන්ට නවාතැන් දුන් පුද්ගලයා අල්ලයි

පානදුර, වෑකඩ ප්‍රදේශයේ පසුගිය 29 වනදා සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වෙඩි තැබීමට ආධාර අනුබල දුන් සැකකරුවෙක් මෙලෙස පානදුර කොට්ඨාශ අපරාධ විමර්ශණ ඒකකය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු පානදුර, කවිරාජ මාවත ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙක්.

වෙඩි තැබීමට පැමිණි වෙඩික්කරු සහ යතුරුපැදිය පැදවූ පුද්ගලයා පෙරදින (28) රාත්‍රියේ නවාතැන්ගෙන සිට ඇත්තේ මෙම සැකකරුගේ නිවසේ බවයි සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

පසුගිය 29 වනදා උදෑසන 10.00ට පමණ පානදුර, වෑකඩ ප්‍රදේශයේ පිහිටි යතුරුපැදි කොටස් අලෙවිකරන ස්ථානයකට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීමක් සිදුකර පලාගොස් තිබුණා.

වෙඩි තැබීමෙන් එම ස්ථානයේ සේවකයෙකු තුවාල ලබා රෝහල් ගත කරනු ලැබුවා.

මෙම වෙඩි තැබීම වාර්තා වුනේ මෙම වසරේ මේ දක්වා සිදුවූ 50 වන වෙඩි තැබීම ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?