රුසියානු සෞඛ්‍ය ඇමති ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට කැමැත්තෙන්

රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම වසරේ දී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට කැමැත්ත පළකර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් එස්. ජගාරියන් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අතර ඊයේ (30) පැවැති හමුවක දී රුසියානු තානාපතිවරයා ඒ බව සඳහන් කරනු ලැබුවා.

තානාපතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා අතර මෙම හමුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදුවුණා.

රුසියාව හා ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝ කාලීන මිතුදම පිළිබඳවත්, මෙරට සෞඛ්‍ය සේවාවේ මෙන්ම අනෙකුත් අංශවලත් අභිවෘද්ධිය වෙනුවෙන් රුසියානු රජය දැක් වූ සහයෝගීතාවය සිහිපත් කළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ඵලදායී ලෙස අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කරන බව ද සඳහන් කර සිටියා.

එමෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ක්‍රියාත්මක රජයේ වැඩපිළිවෙල පිළිබඳව රුසියානු තානාපතිවරයා සිය ප්‍රසාදය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා වෙත පළ කළ අතර, ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීම වෙනුවෙන් රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල ශක්තිමත් කරලීම සඳහා රුසියානු රජයේ සහාය අඛණ්ඩව ලබාදෙන බව ද මෙහිදී ප්‍රකාශ කළා.

නාස්තිය සහ වංචා දූෂණයෙන් තොර ජනතා හිතවාදි සෞඛ්‍ය සේවාවක් රට තුළ බිහි කිරීමේ සහ ආර්ථිකමය වශයෙන් රට ඉදිරියට ගෙන යෑමේ රජයේ නව ප්‍රතිපත්තිය පිළිබඳව රුසියානු රජයේ ප්‍රශංසාව තානාපතිවරයා මෙහි දී පළ කර සිටියා.

මෙරට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අංශයන්හි අභිවෘද්ධිය වෙනුවෙන් අවශ්‍යය සහාය ඉදිරියටත් නිබඳවම ලබාදෙන බව ද රුසියානු තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවා.

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ශක්තිමත් සබඳතා තවදුරටත් තහවුරු කෙරුණු මෙම හමුවේ දී දෙරට අතර සෞඛ්‍ය, ආයුර්වේද, ජනමාධ්‍ය වැනි ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව ශක්තිමත්ව වැඩිදියුණු කර ගැනීම පිළිබඳව ද අවදානය යොමුවුණා.

  1. ඔය එන්නේ මව් රටෙන් ඉස්සරලම ඇමතිලා…පාදඩ චෞර දේශපාලනය අවසන් වූ පසු නැගෙන අරුණැල්ල ජය වේවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30