වානේ සහ ඇලුමිනියම් ආනයන සඳහා පවතින තීරුබදු අනුපාතය 25% සිට 50% දක්වා දෙගුණයකින් ඉහළ දැමීමට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවරගෙන තිබෙනවා.
එළඹෙන බදාදා සිට මෙම බදු ඉහළ දැමීම ක්‍රියාත්මක බවයි පෙන්සිල්වේනියාවේ පිට්ස්බර්ග් හි පැවති රැළියක් අමතමින් ට්‍රම්ප් පැවසුවේ.
මෙම පියවර දේශීය වානේ කර්මාන්තය සහ ජාතික සැපයුම ඉහළ නැංවීමට උපකාරී වන අතරම චීනය මත යැපීම අඩු කරන බවයි ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර සෑම එක්සත් ජනපද වානේ සේවකයෙකුටම ඩොලර් 5,000ක ප්‍රසාද දීමනාවක් ලබාදීමට ද කටයුතු කරන බව ට්‍රම්ප් ජනාධිපතිවරයා මෙහිදී පැවසුවා.
ට්‍රම්ප්ගේ ගෝලීය තීරුබදු කිහිපයක නීත්‍යානුකූලභාවය පිළිබඳ අධිකරණ සටනක් මධ්‍යයේ මෙම වානේ බදු ඉහළ දැමීමේ නිවේදනය නිකුත් කිරීමට ද විශේෂත්වයක්.
ඒ අතර ජාත්‍යන්තර වෙළඳ අධිකරණය, ට්‍රම්ප් පරිපාලනයට බදු නතර කරන ලෙස නියෝග කිරීමෙන් පසුව එරට අභියාචනාධිකරණයක් එය දිගටම කරගෙන යාමට අවසර දී තිබෙනවා.





