වානේ සහ ඇලුමිනියම්වලටත් ට්‍රම්ප්ගෙන් බද්දක්

වානේ සහ ඇලුමිනියම් ආනයන සඳහා පවතින තීරුබදු අනුපාතය 25% සිට 50% දක්වා දෙගුණයකින් ඉහළ දැමීමට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවරගෙන තිබෙනවා.

එළඹෙන බදාදා සිට මෙම බදු ඉහළ දැමීම ක්‍රියාත්මක බවයි පෙන්සිල්වේනියාවේ පිට්ස්බර්ග් හි පැවති රැළියක් අමතමින් ට්‍රම්ප් පැවසුවේ.

මෙම පියවර දේශීය වානේ කර්මාන්තය සහ ජාතික සැපයුම ඉහළ නැංවීමට උපකාරී වන අතරම චීනය මත යැපීම අඩු කරන බවයි ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර සෑම එක්සත් ජනපද වානේ සේවකයෙකුටම ඩොලර් 5,000ක ප්‍රසාද දීමනාවක් ලබාදීමට ද කටයුතු කරන බව ට්‍රම්ප් ජනාධිපතිවරයා මෙහිදී පැවසුවා.

ට්‍රම්ප්ගේ ගෝලීය තීරුබදු කිහිපයක නීත්‍යානුකූලභාවය පිළිබඳ අධිකරණ සටනක් මධ්‍යයේ මෙම වානේ බදු ඉහළ දැමීමේ නිවේදනය නිකුත් කිරීමට ද විශේෂත්වයක්.

ඒ අතර ජාත්‍යන්තර වෙළඳ අධිකරණය, ට්‍රම්ප් පරිපාලනයට බදු නතර කරන ලෙස නියෝග කිරීමෙන් පසුව එරට අභියාචනාධිකරණයක් එය දිගටම කරගෙන යාමට අවසර දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14