පූගොඩ නව අධිකරණ සංකීර්ණයේ ඉදිකිරීමේ කටයුතු නිරීක්ෂණට ඇමති හර්ෂණ එක්වෙයි

පූගොඩ නව අධිකරණ සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කරන ලෙස අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඉදිකිරීම් සඳහා මුදල් වෙන් කළ ද පසුගිය වසර තුන හතරක කාලය තුළ අධිකරණ ඉදිකිරීම් කටයුතු සිදුව නොමැති බවයි
අමාත්‍යවරයා පවසන්නේ.

පූගොඩ නව අධිකරණ සංකීර්ණයේ ඉදිකිරීමේ කටයුතු නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට අද (30) පෙරවරුවේ එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

පූගොඩ නව අධිකරණ සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු ඔක්තෝම්බර් මාසය වන විට අවසන් කරන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් මෙහිදී උපදෙස් දී තිබෙනවා.

මේ වන විට පූගොඩ අධිකරණයේ කටයුතු පවත්වාගෙන යනු ලබන්නේ කුලී පදනම මත ලබාගත් තාවකාලික ගොඩනැගිල්ලක් තුළයි.

පූගොඩ අධිකරණ සංකීර්ණය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 882ක් මුදලක් වෙන් කර ඇති අතර, මහල් තුනකින් සමන්විත පූගොඩ අධිකරණ සංකීර්ණය දිසා අධිකරණයක්, මහේස්ත්‍රාත් අධිකරණයක්, කාර්යාල සහ සෙසු පහසුකම්වලින් සමන්විත වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38