දකුණු අප්‍රිකානු ගුවන් සේවිකාවකට උඩු ගුවනේ දී අතවර කළ ලාංකික මගියා අත්අඩංගුවට

ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානය තුළ සේවයේ නිරත වී සිටි 39 හැවිරිදි දකුණු අප්‍රිකානු ජාතික ගුවන් සේවිකාවකට, උඩු ගුවනේ දී ලිංගික අතවර සිදු කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු, කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අද (29) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

නැවක කපිතාන්වරයෙකු ලෙස සේවය කරන 49 හැවිරිදි සැකකරු යාපනය ප්‍රදේශයේ පදිංචි ද්‍රවිඩ ජාතිකයෙක්.

ඔහු ඊයේ (28) දින උදෑසන 09.00 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔහු එසේ එම ගුවන් යානයෙන් පැමිණෙමින් සිටි අතරතුර, අධික ලෙස බීමත්ව, එම ගුවන් යානයේ සේවය කරමින් සිටි දකුණු අප්‍රිකානු ජාතික ගුවන් සේවිකාවට ලිංගික අතවර සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඇය වහාම මේ පිළිබඳ ගුවන් යානයේ නියමුවා දැනුවත් කර, එම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමෙන් අනතුරුව , මෙම ගුවන් මගියා ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන්ගේ ද සහාය ඇතිව, පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

පසුව මෙම ගුවන් මගියා මීගමුව අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, මොහු බීමත්ව සිටි බවට කරුණු තහවුරු වී තිබෙනවා.

ඒ අනුව මෙම ගුවන් මගියා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම අත්අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපොළ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්මෝ මැල්කම් පේට් මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ සිදු කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
3
+1
0
+1
3
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09