ඔසප් වීම කිසිම ගැහැනු දරුවකුගේ පාසල් අධ්‍යාපනයට බාධාවක් නොවිය යුතුයි – අගමැතිනිය

සෑම ගැහැනු දරුවෙකුගේ ම පාසල් අධ්‍යාපන ක්‍රියාවලියට ඔසප් වීම කිසිදු අයුරකින් ගැටලුවක් හෝ බාධාවක් ඇති විය නොහැකි බව අග්‍රාමාත්‍ය ආචාර්‍යය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.

අද (27) පෙරවරුවේ කොළඹ දී Period Pride 2025 වැඩසටහනට එක් වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා.

“ආර්ත්‍රව, දරිද්‍රවතාව පිටුදැකීම සඳහා වන සාමුහික ක්‍රියාවලියක්” යන තේමාව යටතේයි මෙම වැඩසටහනට පැවැත්වූයේ.

ආර්ත්‍රවය පිළිබඳ ව සමාජයේ පවතින මිථ්‍යාවන් සහ බිය තුරන් කිරීමට වත්මන් රජය විශේෂයෙන් කටයුතු කරන බවත්, ලබන වසරේ සිට නැවත භාවිත කළ හැකි සනීපාරක්ෂක තුවා හඳුන්වාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටත්, කාන්තා සනීපාරක්ෂක නිෂ්පාදන සඳහා අයකරන බදු ඉවත් කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඦා කිරීමටත් තම රජය බලාපොරොත්තුවෙන් සිටින බව ද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
5
+1
2
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?