ඔසප් වීම කිසිම ගැහැනු දරුවකුගේ පාසල් අධ්‍යාපනයට බාධාවක් නොවිය යුතුයි – අගමැතිනිය

සෑම ගැහැනු දරුවෙකුගේ ම පාසල් අධ්‍යාපන ක්‍රියාවලියට ඔසප් වීම කිසිදු අයුරකින් ගැටලුවක් හෝ බාධාවක් ඇති විය නොහැකි බව අග්‍රාමාත්‍ය ආචාර්‍යය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.

අද (27) පෙරවරුවේ කොළඹ දී Period Pride 2025 වැඩසටහනට එක් වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා.

“ආර්ත්‍රව, දරිද්‍රවතාව පිටුදැකීම සඳහා වන සාමුහික ක්‍රියාවලියක්” යන තේමාව යටතේයි මෙම වැඩසටහනට පැවැත්වූයේ.

ආර්ත්‍රවය පිළිබඳ ව සමාජයේ පවතින මිථ්‍යාවන් සහ බිය තුරන් කිරීමට වත්මන් රජය විශේෂයෙන් කටයුතු කරන බවත්, ලබන වසරේ සිට නැවත භාවිත කළ හැකි සනීපාරක්ෂක තුවා හඳුන්වාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටත්, කාන්තා සනීපාරක්ෂක නිෂ්පාදන සඳහා අයකරන බදු ඉවත් කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඦා කිරීමටත් තම රජය බලාපොරොත්තුවෙන් සිටින බව ද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12