මහින්ද සහ ගෝඨාභය ජනාධිපතිවරුන් නිළි රැජිණට අවසන් ගෞරව දක්වයි (වීඩියෝ)

අභාවප්‍රාප්ත හෙළ සිනමාවේ නිළි රැජිණ මාලිනී ෆොන්සේකාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ අද (25) පැමිණියා.

ඇයගේ දේහය මේ වනවිට තැන්පත් කර ඇති ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාව වෙත පැමිණ හිටපු ජනාධිපතිවරුන් දෙදෙනා මෙලෙස අවසන් ගෞරව දක්වා තිබෙනවා.

මහජන ගෞරවය වෙනුවෙන් අභාවප්‍රාප්ත මාලිනී ෆොන්සේකායගේ දේහය අද (25) පෙරවරුවේ ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාව වෙත රැගෙන එනු ලැබුවා.

මේ වනවිටත් ඇති විශාල පිරිසක් ඇයට අවසන් ගෞරව දැක්වීම වෙනුවෙන් තරංගනී ශාලාව වෙත පැමිණෙමින් සිටින බවයි දසත නිවුස් වාර්තාකරුවන් සඳහන් කළේ.

මාලිනී ෆොන්සේකාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව හෙට (26) පස්වරුවේ කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ දී සිදුකිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
8
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?