බූරු මූණා සහ STF නිලධාරීන් අතර ඇතිවූ ගැටුම ගැන විමර්ශන දෙකක්

බූස්ස අධි ආරක්‍ෂිත බන්ධනාගාරයේ දී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන රවිඳු සංඛ ද සිල්වා හෙවත් ‘බූරු මූණා’ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කිහිපදෙනෙකු අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් විමර්ශන දෙකක් ආරම්භ කර තිබෙනවා.

ඉන් එක් විමර්ශනයක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මඟින් ආරම්භ කර ඇති බවයි වාර්තා වුණේ.

එම විමර්ශනය ජේලර්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එම සිද්ධියට මුහුණ දුන් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කළ පැමිණිල්ලකට අනුව අනෙක් විමර්ශනය පොලීසිය විසින් සිදුකරනු ලබනවා.

බූස්ස අධි ආරක්‍ෂිත බන්ධනාගාරයේ විශේෂ අංශයේ රඳවා සිටි ‘බූරු මූණා’ බන්ධනාගාර පරිපාලන ගොඩනැගිල්ලට ගෙන ඒමට පෙර පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් පරීක්ෂා කර තිබෙනවා.

එහිදී ඇතිවූ බහින්බස්වීමක් හේතුවෙන් දෙපාර්ශවය අතර ගැටුමක් හටගෙන ඇති බව බන්ධනාගාර නිලධාරීන් සඳහන් කරනවා.

පහරකෑමට ලක්වූ බව කියන බූරු මූණා තුවාල ලබා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර, එහිදී පහර කෑ බව කියන පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් දෙදෙනෙකු ද රෝහල්ගත කර තිබෙනවා.

බූරු මූණා එලෙස බන්ධනාගාර පරිපාලන ගොඩනැගිල්ල වෙත රැගෙන විත් තිබුණේ ඔහුට එරෙහිව විභාග වන නඩුවක් සඳහා ස්කයිප් තාක්‍ෂණය ඔස්සේ සම්බන්ධ කරවීමට බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
13
+1
2
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?