බූරු මූණා සහ STF නිලධාරීන් අතර ඇතිවූ ගැටුම ගැන විමර්ශන දෙකක්

බූස්ස අධි ආරක්‍ෂිත බන්ධනාගාරයේ දී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන රවිඳු සංඛ ද සිල්වා හෙවත් ‘බූරු මූණා’ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කිහිපදෙනෙකු අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් විමර්ශන දෙකක් ආරම්භ කර තිබෙනවා.

ඉන් එක් විමර්ශනයක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මඟින් ආරම්භ කර ඇති බවයි වාර්තා වුණේ.

එම විමර්ශනය ජේලර්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එම සිද්ධියට මුහුණ දුන් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කළ පැමිණිල්ලකට අනුව අනෙක් විමර්ශනය පොලීසිය විසින් සිදුකරනු ලබනවා.

බූස්ස අධි ආරක්‍ෂිත බන්ධනාගාරයේ විශේෂ අංශයේ රඳවා සිටි ‘බූරු මූණා’ බන්ධනාගාර පරිපාලන ගොඩනැගිල්ලට ගෙන ඒමට පෙර පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් පරීක්ෂා කර තිබෙනවා.

එහිදී ඇතිවූ බහින්බස්වීමක් හේතුවෙන් දෙපාර්ශවය අතර ගැටුමක් හටගෙන ඇති බව බන්ධනාගාර නිලධාරීන් සඳහන් කරනවා.

පහරකෑමට ලක්වූ බව කියන බූරු මූණා තුවාල ලබා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර, එහිදී පහර කෑ බව කියන පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් දෙදෙනෙකු ද රෝහල්ගත කර තිබෙනවා.

බූරු මූණා එලෙස බන්ධනාගාර පරිපාලන ගොඩනැගිල්ල වෙත රැගෙන විත් තිබුණේ ඔහුට එරෙහිව විභාග වන නඩුවක් සඳහා ස්කයිප් තාක්‍ෂණය ඔස්සේ සම්බන්ධ කරවීමට බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08