සජබේ තවත් ආසන සංවිධායකවරයෙක් තනතුර අත්හරී

සමගි ජන බලවේගයේ තවත් ආසන සංවිධායකවරක් එම තනතුරින් ඉල්ලා අස්වී තිබෙනවා.

එම පක්ෂයේ නුවරඑළිය සම ආසන සංවිධායක ලෙස කටයුතු කළ තලවකැලේ ලිදුල නගර සභාවේ හිටපු නගරාධිපති අනගිපුර අශෝක සේපාල මෙලෙස එම තනතුරින් ඉල්ලා අස්වී ඇති බවයි වාර්තා වන්නේ.

තම ඉල්ලා අස්වීම පිළිබඳව පක්ෂයේ නායකයාට සහ මහ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දුන් බවයි ඔහු පවසන්නේ.

“ආසන සංවිධායකවරයා වශයෙන් මාව විශ්වාස කරලා ඡන්දය ඉල්ලපු පළාත් පාලන ආයතන අපේක්ෂකයන්ට දුන් පොරොන්දු ඉටුකරන්න නායකත්වයෙන් අවශ්‍ය ශක්තිය හා සහයෝගය ලැබෙන්නේ නැත්නම් සහ නායකත්වය සෑම විටම උත්සාහ දරන්නේ, මව් පක්ෂයත් එක්ක එකතුවෙලා ඉන්න සුළු පක්ෂවල අරමුණු ඉටුකරන්න විතරයි නම් අපි මේ තනතුරුවල ඉදල වැඩක් නැහැ, මම ඊයේ දින දක්වා සමගි ජන බලවේගයේ නුවරඑළිය සම ආසන සංවිධායක වශයෙන් කටයුතු කළා. ඊයේ දිනයේ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාට මාගේ ඉල්ලා අස්වීම ලිඛිතව භාර දුන්නා.”

මේ අතර ගාල්ල ආසන සංවිධායක ලෙස කටයුතු කළ බන්දුල ලාල් බණ්ඩාරිගොඩ, හොරොව්පොතාන ආසන සංවිධායක ලෙස කටයුතු කළ හිටපු පළාත් සභා මන්ත්‍රී අනුර බුද්ධික, දඹුල්ල ආසන සංවිධායක ලෙස කටයුතු කළ හිටපු පළාත් අමාත්‍ය චම්පික විජේරත්න, මාතලේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත අලු‍විහාරේ, රත්තොට ආසන සංවිධායක ධුරයේ කටයුතු කළ හිටපු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලු‍විහාරේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි බණ්ඩාරවෙල ආසන සංවිධායක ධුරයෙන් මීට පෙර ඉල්ලා අස්වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
32
+1
2
+1
2
+1
2
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?