සජබේ තවත් ආසන සංවිධායකවරයෙක් තනතුර අත්හරී

සමගි ජන බලවේගයේ තවත් ආසන සංවිධායකවරක් එම තනතුරින් ඉල්ලා අස්වී තිබෙනවා.

එම පක්ෂයේ නුවරඑළිය සම ආසන සංවිධායක ලෙස කටයුතු කළ තලවකැලේ ලිදුල නගර සභාවේ හිටපු නගරාධිපති අනගිපුර අශෝක සේපාල මෙලෙස එම තනතුරින් ඉල්ලා අස්වී ඇති බවයි වාර්තා වන්නේ.

තම ඉල්ලා අස්වීම පිළිබඳව පක්ෂයේ නායකයාට සහ මහ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දුන් බවයි ඔහු පවසන්නේ.

“ආසන සංවිධායකවරයා වශයෙන් මාව විශ්වාස කරලා ඡන්දය ඉල්ලපු පළාත් පාලන ආයතන අපේක්ෂකයන්ට දුන් පොරොන්දු ඉටුකරන්න නායකත්වයෙන් අවශ්‍ය ශක්තිය හා සහයෝගය ලැබෙන්නේ නැත්නම් සහ නායකත්වය සෑම විටම උත්සාහ දරන්නේ, මව් පක්ෂයත් එක්ක එකතුවෙලා ඉන්න සුළු පක්ෂවල අරමුණු ඉටුකරන්න විතරයි නම් අපි මේ තනතුරුවල ඉදල වැඩක් නැහැ, මම ඊයේ දින දක්වා සමගි ජන බලවේගයේ නුවරඑළිය සම ආසන සංවිධායක වශයෙන් කටයුතු කළා. ඊයේ දිනයේ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාට මාගේ ඉල්ලා අස්වීම ලිඛිතව භාර දුන්නා.”

මේ අතර ගාල්ල ආසන සංවිධායක ලෙස කටයුතු කළ බන්දුල ලාල් බණ්ඩාරිගොඩ, හොරොව්පොතාන ආසන සංවිධායක ලෙස කටයුතු කළ හිටපු පළාත් සභා මන්ත්‍රී අනුර බුද්ධික, දඹුල්ල ආසන සංවිධායක ලෙස කටයුතු කළ හිටපු පළාත් අමාත්‍ය චම්පික විජේරත්න, මාතලේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත අලු‍විහාරේ, රත්තොට ආසන සංවිධායක ධුරයේ කටයුතු කළ හිටපු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලු‍විහාරේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි බණ්ඩාරවෙල ආසන සංවිධායක ධුරයෙන් මීට පෙර ඉල්ලා අස්වුණා.

  1. කොළඹ මහ නගර සභාවට එකෙක් දාන්න පොනිලා එක්ක ගහපු සැලසුමේ උච්චතම අවස්ථාව දැන් එළඹ තිබෙි. පොනිලාගේ ගැටයට අහුවෙච්ච සජියා පව්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21