ඊයේ ලංගම බසයක් සහ ටිපර් රථයක් ගැටුණු තැන අද ලොරියක් සහ යතුරුපැදියක් ගැටිලා (ඡායාරූප)

වැල්ලවාය – තණමල්විල ප්‍රධාන මාර්ගයේ කුඩාඔය, අලිමංකඩ ප්‍රදේශයේ දී ලොරි රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් අද (25) පෙරවරුවේ අනතුරක් සිදුව තිබෙනවා.

ලොරිරථයේ ඉදිරිපස යතුරුපැදිය ගැටී මෙම අනතුර සිදු වී ඇති අතර, අනතුරින් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා තණමල්විල ප්‍රාදේශීය රෝහලට ඇතුළත්කර තිබෙනවා.

අනතුරුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට මාරු කර යවා ඇති බවයි වාර්තා වුණේ.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු තණමල්විල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර මෙම අනතුර සිදු වූ ස්ථානයේ දී ඊයේ (24) දිනයේ ලංගම බස් රථයක පිටුපස ටිපර් රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් හයදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළා.

WhatsApp Image 2025 05 25 at 9.02.22 AM
WhatsApp Image 2025 05 25 at 9.02.21 AM 1
WhatsApp Image 2025 05 25 at 9.02.21 AM
42377d67 5d9e 4253 b14f eed088ca11ab
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
5
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?