හාවඩ් විශ්වවිද්‍යාලය ට්‍රම්ප් පරිපාලනයට නඩු පවරයි

ජාත්‍යන්තර සිසුන් ඇතුළත් කර ගැනීමේ හැකියාව අවලංගු කිරීමෙන් පසු හාවඩ් විශ්වවිද්‍යාලය ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව නඩු පවරා තිබෙනවා.

බොස්ටන්හි ගොනු කරන ලද නඩුවේදී, විශ්වවිද්‍යාලය පරිපාලනයේ ක්‍රියාමාර්ග නීතිය “අමුතු ලෙස උල්ලංඝනය කිරීමක්” ලෙස හඳුන්වා ඇති බවයි වාර්තා වන්නේ.

ට්‍රම්ප් පරිපාලනය විසින් ඇමරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට දෙස් සිසුන් බඳවාගැනීම අත්හිටුවීමට තීරණය කළා.

හාවර්ඩ් විශ්වවිද්‍යාලය තුළ ඇමරිකානු විරෝධී ක්‍රියාවන්ට විදෙස් සිසුන් පෙළඹී සිටින බවට ලැබුණු තොරතුරු මත මෙම හදිසි තීරණය ගත් බවයි ඇමරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?