මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ ලක්ෂ 180 හසු වූ විට පොලිස් නිලධාරීන්ට අල්ලස් දීමේ උත්සාහයක

රුපියල් ලක්ෂ 180ක මුදලක් සමග අත්අඩංගුවට ගැනුණු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ව පොලිස් අත්අඩංගුවට ගැනුණු අවස්ථාවේ දී රුපියල් ලක්ෂ 05 රථවාහන රාජකාරියේ නියුතු ව සිටි පොලිස් නිලධාරීන්ට ලබාදීමේ එකඟතාවක් ඇති කරගැනීමට උත්සාහ දරා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසනවා.

ඊයේ (22) රාත්‍රී කාලයේ දී හලාවත – තොඩුවාව ප්‍රදේශයේ රථවාහන රාජකාරියේ නිරත ව සිටි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් සැක සහිත ත්‍රීරෝද රථයක් නතර කර පරීක්ෂා කිරීමේ දී එහි පසුපස තබා තිබූ මුදල් අඩංගු බෑගය සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

මෙම මුදල් තොගය මුහුදු මගින් මෙරටට මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමෙන් පසුව ගෙවන ලද කුලී ගාස්තුව ලෙස සිදු කරන ලද මූලික පොලිස් විමර්ශනවලින් හෙළි ව ඇති බව ද බුද්ධික මනතුංග මහතා කියා සිටියා.

දිවයින පුරා ශ්‍රී ලංකා පොලිසිය විසින් මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය මැඩලීමට විශේෂ මෙහෙයුම් සිදු කරන අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙම මුදල් තොගය සොයා ගැනීමට හැකි වූ බවත් පුත්තලම දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත අදාළ විමර්ශන කටයුතු සිදු කෙරෙන බව ද ශ්‍රී ලංකා පොලිසිය පැවසුවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අතර කාන්තාවන් දෙදෙනකු ද සිටින බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?