මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ ලක්ෂ 180 හසු වූ විට පොලිස් නිලධාරීන්ට අල්ලස් දීමේ උත්සාහයක

රුපියල් ලක්ෂ 180ක මුදලක් සමග අත්අඩංගුවට ගැනුණු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ව පොලිස් අත්අඩංගුවට ගැනුණු අවස්ථාවේ දී රුපියල් ලක්ෂ 05 රථවාහන රාජකාරියේ නියුතු ව සිටි පොලිස් නිලධාරීන්ට ලබාදීමේ එකඟතාවක් ඇති කරගැනීමට උත්සාහ දරා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසනවා.

ඊයේ (22) රාත්‍රී කාලයේ දී හලාවත – තොඩුවාව ප්‍රදේශයේ රථවාහන රාජකාරියේ නිරත ව සිටි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් සැක සහිත ත්‍රීරෝද රථයක් නතර කර පරීක්ෂා කිරීමේ දී එහි පසුපස තබා තිබූ මුදල් අඩංගු බෑගය සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

මෙම මුදල් තොගය මුහුදු මගින් මෙරටට මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමෙන් පසුව ගෙවන ලද කුලී ගාස්තුව ලෙස සිදු කරන ලද මූලික පොලිස් විමර්ශනවලින් හෙළි ව ඇති බව ද බුද්ධික මනතුංග මහතා කියා සිටියා.

දිවයින පුරා ශ්‍රී ලංකා පොලිසිය විසින් මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය මැඩලීමට විශේෂ මෙහෙයුම් සිදු කරන අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙම මුදල් තොගය සොයා ගැනීමට හැකි වූ බවත් පුත්තලම දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත අදාළ විමර්ශන කටයුතු සිදු කෙරෙන බව ද ශ්‍රී ලංකා පොලිසිය පැවසුවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අතර කාන්තාවන් දෙදෙනකු ද සිටින බවත් වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25