රණවිරු සැමරුම් උත්සවයේ කලබල කළ දෙදරු පියෙක් අත්අඩංගුවට

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ ජාතික රණවිරු සැමරුම් උත්සවයේ නොසන්සුන්කාරී ලෙස හැසිරූ පුද්ගලයෙක් තලංගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිපැන්න ප්‍රදේශයේ පුද්ගලයකු වන අතර, ඔහු සිය දරු දෙදෙනා සමඟ ඊයේ (19) පස්වරුවේ රණවිරු උත්සවය පැවැත්වෙන ස්ථානයේ පිවිසුම් දොරටුව මාර්ගය අවහිර කරමින් මෙලෙස කලබලකාරී ලෙස හැසිරී ඇති බවයි වාර්තා වුණේ.

තමාට සිදුවූ අසාධාරණයක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීමට ඔහුව හමුවීමට අවශ්‍ය බව පවසමින් ඔහු සිය දරු දෙදෙනා ද සමඟ එම ස්ථානයට පැමිණ සිටි බවයි පොලිසිය සඳහන් කළේ.

තමාට ජනාධිපතිවරයා හමුවීමට ඉඩ ලබා නොදුන්නහොත් දරු දෙදෙනා සමඟ මාර්ගයේ ගමන් ගන්නා වාහනයකට පනින බවට සැකකරු තර්ජනය කර තිබෙනවා.

මෙහිදී පොලිසිය ක්‍රියාත්මක වී එම පුද්ගලයා සහ ඔහුගේ දරු දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී සැකකරු නුගේගොඩ සහකාර පොලිස් අධිකාරිවරයකුගේ අතක් ද සපා කා තුවාල සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
3
+1
1
+1
2
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?