රණවිරු සැමරුම් උත්සවයේ කලබල කළ දෙදරු පියෙක් අත්අඩංගුවට

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ ජාතික රණවිරු සැමරුම් උත්සවයේ නොසන්සුන්කාරී ලෙස හැසිරූ පුද්ගලයෙක් තලංගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිපැන්න ප්‍රදේශයේ පුද්ගලයකු වන අතර, ඔහු සිය දරු දෙදෙනා සමඟ ඊයේ (19) පස්වරුවේ රණවිරු උත්සවය පැවැත්වෙන ස්ථානයේ පිවිසුම් දොරටුව මාර්ගය අවහිර කරමින් මෙලෙස කලබලකාරී ලෙස හැසිරී ඇති බවයි වාර්තා වුණේ.

තමාට සිදුවූ අසාධාරණයක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීමට ඔහුව හමුවීමට අවශ්‍ය බව පවසමින් ඔහු සිය දරු දෙදෙනා ද සමඟ එම ස්ථානයට පැමිණ සිටි බවයි පොලිසිය සඳහන් කළේ.

තමාට ජනාධිපතිවරයා හමුවීමට ඉඩ ලබා නොදුන්නහොත් දරු දෙදෙනා සමඟ මාර්ගයේ ගමන් ගන්නා වාහනයකට පනින බවට සැකකරු තර්ජනය කර තිබෙනවා.

මෙහිදී පොලිසිය ක්‍රියාත්මක වී එම පුද්ගලයා සහ ඔහුගේ දරු දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී සැකකරු නුගේගොඩ සහකාර පොලිස් අධිකාරිවරයකුගේ අතක් ද සපා කා තුවාල සිදුකර ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27