සංවිධානාත්මක පාතාල කල්ලි 10ක් සමඟ සබඳතා පවත්වන දේශපාලඥයින් ගැන අනාවරණයක් (වීඩියෝ)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් හිටපු ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ ප්‍රාදේශීය දේශපාලඥයින් ප්‍රබල සංවිධානාත්මක අපරාධ කණ්ඩායම 10ක් සමඟ සෘජු සම්බන්ධතා පවත්වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

ඒ, පිළිබඳව බුද්ධි තොරතුරු ලැබී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

විපක්ෂ නායකවරයා යොමුකළ ප්‍රශ්නයකට අද (20) පාර්ලිමේන්තුවේ දී පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මෙම අනාවරණය කළා.

මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකර ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
6
+1
9
+1
5
+1
5
+1
5
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?