තුසිත හල්ලොලුවගේ නීතිඥවරයාගෙන් සී.සී.ඩීයට ලිපියක්

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වූ තුසිත හල්ලොලුව ගමන්ගත් වාහනයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන සඳහා ඔහුගේ නීතිඥවරයා වන දිනේෂ් දොඩම්ගොඩගේ ජංගම දුරකථනය බාරදෙන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසය විසින් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

තමන්ට ඊයේ (19) දිනයේ දී කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි නීතිඥ දිනේෂ් දොඩම්ගොඩගේ පවසන්නේ.

ඉදිරි විමර්ශන කටයුතු සඳහා තමාගේ ජංගම දුරකථනය ඉල්ලා සිටීම සම්බන්ධයෙන් විරෝධයක් මතුකරන නීතිඥ දිනේෂ් දොඩම්ගොඩ පවසන්නේ තමා වෘත්තියෙන් නීතීඥයෙකු වන බැවින් තමාගේ සියළු සේවාදායක ලිපි ගොනු විස්තර ද එම දූරකථනයේ ගබඩා වී ඇති බවයි.

නීතීඥවරයෙකු ලෙස තමාගේ වෘත්තීමය වගකීම සහ අයිතිය අනුව (The lawyer-client relationship) එකී තොරතුරුවල රහස්‍යභාවය ආරක්ෂා කිරීම තමගේ වගකීමක් හා අයිතියක් බවයි ඔහු කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වෙත ලිපියක් මඟින් පවසා ඇත්තේ.

විමර්ශනයට අදාළ කරුණු සම්බන්ධයෙන් තමා සම්බන්ධ වූ කාලයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාදෙන සීමා මායිම් පිළිබඳ මග පෙන්වීම් අනුව පමණක් තමාගේ දුරකථන පරීක්ෂාවට ඉඩ ලබාදෙන බව ඔහු කොළඹ අපරාධ කොට්ඨාශය වෙත අදාළ ලිපිය මඟින් වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.

තුසිත හල්ලොලුව මෝටර් රථයකින් ගමන් කරමින් සිටිය දී පසුගිය 17 වනදා රාත්‍රියේ නාරහේන්පිට කිරිමණ්ඩල මාවත ප්‍රදේශයේ ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඔහුගේ වාහනයට වෙඩි තැබීමක් සිදුකර පළාගොස් තිබුණා.

එම අවස්ථාවේ දී මෝටර් රථය තුළ තුසිත හල්ලොලුවගේ නීතීඥවරයා වන නීතිඥ දිනේෂ් දොඩම්ගොඩ සිටි අතර ඔහු ද වෙඩික්රුවන් සිදුකළ පහරදීමක දී සුළු තුවාල ලබා රෝහල්ගත කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39