ගාසා තීරයට මූලික ආහාර ප්‍රමාණයක් ලබාදීමට ඊශ්‍රායලයෙන් තීරණයක්

සති 10ක අවහිරය අවසන් කරමින් ගාසා තීරයට මූලික ආහාර ප්‍රමාණයක් ලබාදීමට ඊශ්‍රායලය පියවර ගෙන තිබෙනවා.

ඊශ්‍රායල අගමැති කාර්යාලයේ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ; ඊශ්‍රායල ආරක්ෂක හමුදාවන්ගේ නිර්දේශය මත සහ හමාස් සංවිධානයට එරෙහිව එහි අලුත් කරන ලද මිලිටරි ප්‍රහාරයට සහාය දැක්වීමේ අවශ්‍යතාවය මත මෙම පියවර ගත් බවයි.

ඒ, අනුව ආහාර ලබාදිම සඳහා සහන කණ්ඩායම් වෙත අවසර ලබාදීමට ඊශ්‍රායලය කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

ගාසා තීරය පුරා පුළුල් ගොඩබිම් මෙහෙයුම් ආරම්භ කර ඇති බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කිරීමෙන් පැය කිහිපයකට පසු මෙය නිවේදනය කිරීම විශේෂත්වයක්.

ගාසා තීරයේ මිලියන 2.1 ක ජනගහනයක් අතර සාගතයක් ඇතිවීමේ අවදානමක් පවතින බවට ආධාර ආයතන අනතුරු අඟවා ඇති අතර, මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ගේ දර්ශන සහ වාර්තා ද ඉහළ ගොස් තිබෙනවා.

අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලයේ ප්‍රකාශයේ සඳහන් වූයේ, සාගත අර්බුදයක් ඇති නොවන බව සහතික කිරීම සඳහා ගාසා තීරයේ ජනතාව සඳහා මූලික ආහාර ප්‍රමාණයක් ගෙන ඒමට ඊශ්‍රායලය මෙලෙස ඉඩ දෙන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උද්දච්චකම පැත්තක තියලා රනිල්ගෙන් ගිහින් උපදෙස් ගන්න..අජිත්ගෙන් ප්‍රබල හෙළිදරව්වක් මෙන්න
08:21
Video thumbnail
චමින්දගෙන් සැර සත්තමක් - ආණ්ඩුව Fail..යුද්දය පෙන්නලා සාක්කු පුරවගන්නවා මේ කයිතන් ආණ්ඩුව
09:30
Video thumbnail
රත්තරං යැයි පවසා රන් පැහැති ලෝහ කැබැලි දෙකක් විකුණන්න ගිය ඩබල අතේ මාට්ටු
01:16
Video thumbnail
මිනිස්සු ගැවසුණු තැන් පාළුවට ගිහින්..නිවාඩු දිනයක් වන බදාදා දිනයේ හෝමාගම නවතම තත්ත්වය..
01:20
Video thumbnail
දැඩි උණුසුම් කාලගුණය ගැන විශේෂ දැනුම්දීමක්..ළමුන් වාහනවල තනිව තියන්න එපා
02:11
Video thumbnail
LRC නිරීක්ෂණයට ගිය ලාල්කාන්ත නිලධාරින්ට කිව්ව සැර කතාව.."අපි මුන්ට බලය දුන්නා..බනින්නේ ආණ්ඩුවට
03:36
Video thumbnail
හිටපු ජනපති රනිල්ගේ ඡන්ම දිනය වෙනුවෙන් ආශිර්වාද පිංකමක්..රට භාරගන්න රනිල් හොඳින්න ඉන්න එපැයි
06:33
Video thumbnail
"තෙල් තියෙනවා ඕනි තරම් මහත්තයෝ"..බවුසර් රථ රියදුරන් කිව්ව දේ
01:38
Video thumbnail
මත්වෙන ඖෂධ පෙති අලෙවි කළ ඔසුසල් හිමියෙක් පොලිසියෙන් කුදලන් යයි
00:58
Video thumbnail
ආණ්ඩුව දැවැන්ත හොරකම් රාශියක් කළා..හොරකම පිළිබඳ අද කප් ගහලා ඉන්නේ
02:21