ෂර්මා නමින් වන්කඩේ ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකාගාරයක්

පසුගිය දා ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් සමුගත් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රෝහිත් ෂර්මා නමින් මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකාගාරයක් නම් කරන්නට ඊයේ කටයුතු කළා.

පවුලට සැමවිටම මුල් තැන දී කටයුතු කරන ක්‍රීඩකයෙක් වන රෝහිත්; ඔහුගේ දෙමව්පියන් සහ බිරිඳ ඔහු අසල නොමැතිව ඔහුගේ ජීවිතයේ සුවිශේෂී මොහොතක් භුක්ති විඳින ආකාරය දැකගැනීමට නොහැකි වුණා.

ඒ අනුව මෙම අවස්ථාවට ෂර්මාගේ මව, පියා මෙන්ම ඔහුගේ බිරිඳවන රිතිකා ද එක්ව සිටි අතර, ඒ මොහොත ඉතා සංවේදී අවස්ථාවක් වූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මුම්බායි ක්‍රිකට් සංගමය විසින් ශර්මාට ලබාදුන් මෙම ගෞරවය මීට පෙර සුනිල් ගවස්කාර්, සචින් තෙන්ඩුල්කාර්, විනූ මන්කාඩ් සහ දිලිප් වෙන්ග්සාර්කාර් යන හිටපු ඉන්දීය ක්‍රීඩකයින්ට ද ලබා දී තිබෙනවා.

ඊයේ මෙම අවස්ථාවේ දී රෝහිත් හැඟීම්බර කතාවක් කරමින් ඔහු සඳහන් කළේ නුදුරු අනාගතයේ දී වන්කඩේ ක්‍රීඩාංගණයේදී ඉන්දියාව වෙනුවෙන් එක්දින තරගයක් ක්‍රීඩා කිරීමට තමන් කැමැත්තෙන් පසුවන බවයි.

ඇතැම් විට ශර්මා ජාත්‍යන්තර එක්දින පිටියේ ක්‍රීඩාකරන අවසන් තරගය එය වනු ඇති බවයි ඉන්දීය මධ්‍ය මේ වනවිට මතපළ කර ඇත්තේ.

“පළමුව, මෙම උත්සවය මෙතරම් සුවිශේෂී කිරීමට මෙහි පැමිණි සැමට මම ස්තූති කිරීමට කැමතියි. අද සිදුවීමට යන දේ, මම කවදාවත් ඒ ගැන සිහිනෙන්වත් හිතුවේ නැහැ. හැදී වැඩෙන, මුම්බායි වෙනුවෙන්, ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමට කැමති දරුවෙකු ලෙස, කිසිවෙකු මෙවැනි දේවල් ගැන සිතන්නේ නැහැ. මට නම් එය තම උපරිමය ලබාදීමට කැමති වෙනත් ඕනෑම ක්‍රීඩකයෙකු වගේ. ජාතියට, රටට හැකි තරම් සේවය කරන්න. එසේ කරන අතරතුර ඔබ බොහෝ දේ අත්කර ගැනීමට උත්සාහ කරනවා, බොහෝ සන්ධිස්ථාන නිර්මාණය වේවි, නමුත් මේ වගේ දෙයක් ඇත්තෙන්ම විශේෂයි. වන්කඩේ යනු ඉතා සුවිශේෂී ක්‍රීඩාංගනයක්, මෙහි බොහෝ මතකයන් තිබෙනවා” යනුවෙන් රෝහිත් එහිදී අදහස් දක්වමින් වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජීවිතාරක්ෂක පොලිස් නිලධාරීන්ට ඉබ්බන්කටුව ජලාශයේදී දුන්න සුපිරි Training එක
02:49
Video thumbnail
කාර්යාලයකට කඩා වැදුණු මැර පිරිසකගෙන් රියදුරෙකුට ගුටි පූජාවක් - පැරණි මැර සංස්කෘතිය ගේන්න හදන්නේ
05:07
Video thumbnail
දන්සලට දෙන බත් සවලෙන් ලොරියට දාන හැටි - මිනිස්සුන්ට දෙන කෑමනේද මේ පටවන්නේ ?
00:58
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ - පන්සලේ බොන්න විදියක් නෑ - මොකද බොන්නේ හාමුදුරුවනේ ?
01:47
Video thumbnail
යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක් - අනතුරෙන් තිදෙනෙකුට බරපතළයි
01:23
Video thumbnail
වසන්තයා කොමිස් කාක්කෙක් වෙලා ඉන්නේ - පුළුවන්නම් මැදිරිගිරිය එක්ක හැ#ප්පිලා බලමු
05:05
Video thumbnail
මොණරාගලට හැමූ අධික සුළඟින් නිවාසවල වහල ගහගෙන ගිහින් - මිනිස්සු තෙමෙනවා
01:49
Video thumbnail
සලේ මැ#ණොත් වග කියන්න ඕනි ජනපති, රවී, ශානිලා ?සලේ බලන්න ආ බිරිඳ සැරටම කිව්ව දේ
01:51
Video thumbnail
අපි කසිප්පු කාරයෝ නෙවෙයි මල්ලි - මුන් ඇත්තටම හ#ක් තමයි..මුන් අවුරුදු දෙකෙන් හොරා කෑවා
04:32
Video thumbnail
සජබ ගොවි විරෝධය මැදිරිගිය නගරය උණුසුම් කරයි - සරත්, ලාල්කාන්තව මිනිස්සු එකතුවෙලා ගි# තියයි
02:38