පළාත් පාලන ආයතනවල බලය අල්ලන සජිත්ගේ සාකච්ඡාව අද

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් අද (17) සාකච්ඡාවක් පැවැත්වෙනවා.

මෙම සාකච්ඡාව සඳහා විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් රැසක් සහභාගීවන බවයි දැනුම් දී ඇත්තේ.

ඒ, අනුව සමගි ජන සන්ධානය නියෝජනය කරන පක්ෂ නායකයින් මෙන්ම නියෝජිතයින් ඊට එක්වීමට නියමිත බවයි වාර්තා වුණේ.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද මෙම සාකච්ඡාව සඳහා එක්වන බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඊයේ සඳහන් කළා.

පළාත් පාලන ආයතන 186ක බහුතර සභික සංඛ්‍යාවක් දිනාගැනීමට ආණ්ඩුවට නොහැකි වීම හේතුවෙන් එම පළාත් පාලන ආයතනවල විපක්ෂයේ සියලු‍ පක්ෂ එක්ව බලය පිහිටුවීම සම්බන්ධව මෙම සාකච්ඡා පැවැත්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?