මුස්තාෆිසුර් රහ්මාන්ට දිල්ලියෙන් කැඳවීමක්

බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක මුස්තාෆිසුර් රහ්මාන්ට අයි.පී.එල් තරගාවලිය සඳහා එක්වීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය අවසර ලබා දී තිබෙනවා.

ඒ, අනුව ඔහු දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමඟ ඉදිරියේ දී එක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මැයි මස 18 සිට 24 දක්වා කාලය සඳහා තුළ ඔහුට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමඟ එක්වීමට මෙම අවසරය ලබා දී ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.

දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහභාගීවන ඉතිරි තරග තුන මැයි 18, 21 සහ 24 යන දිනයන්වල දී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

මේ අතර මුස්තාෆිසුර් රහ්මාන් ඉන්දියාවට යාමට පෙර හෙට සාජා හි එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව බංග්ලාදේශයේ පළමු විස්සයි විස්ස තරගය සඳහා ක්‍රීඩාකරන බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පවසනවා.

මේ අතර දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නියෝජනය කළ ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් ඉදිරි තරග සදහා යළි දිල්ලි කණ්ඩායම සමඟ එක් නොවන බව තහවුරු කර තිබෙනවා.

2025 අයි.පී.එල් තරගාවලිය ඉන්දු පාකිස්ථාන යුද ගැටුම් හේතුවෙන් තවකාලික නවතා දැමීමට කටයුතු කළ අතර සතියක පමණ විරාමයකින් අනතුරුව තරගාවලිය හෙට යළි ආරම්භ වනවා.

එම කාලසීමාව තුල විදෙස් ක්‍රීඩකයින් රැසක් ඉන්දියාවෙන් තම මව්රටවල් බලා පිටත්ව ගිය අතර, ප්වුන්ගෙන් බොහෝ පිරිසක් තරගාවලියේ ඉදිරි තරග සඳහා එක් නොවන බව පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ අතින් අල්ලාගෙන ආච්චිලා හඬා වැටෙයි
02:56
Video thumbnail
ඩෝබිලා උදේ ඉදන් රෑ වෙනකන් මට ගැ#වා..ගුරු තරුව ගුරුවරුන්ට ලැජ්ජයි..නම දාපු ගුරුවරු ඉල්ලා අස්වෙන්න
05:17
Video thumbnail
මේක මිනී#රුමක් - සල්ලි විසික්කරලා ජාමේ බේරාගන්න හදනවා
10:45
Video thumbnail
ATM එකට එන මිනිස්සුන්ගේ සල්ලිවලට ෂොට් එක දෙන සොරදෙටුවා..මෙම පුද්ගලයාගෙන් දුටු තැන ප්‍රවේශම්වන්න!
02:05
Video thumbnail
සහන කටයුතුවලට බාධාවෙන අයට නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා..පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
12:30
Video thumbnail
මෙන්න ලංකාවට වෙන්න යන නොසිතූ දේ..උතුරු, උතුරු මැද ,නැගෙනහිරට අද මිලි මිටර් 100ට වැඩි තද වැසි
06:22
Video thumbnail
රුසියානු තානාපතිවරයා සහ විපක්ෂ නායක අතර විශේෂ හමුවක්..දෙන්නා හිනාවෙවී ලොකු කතාවක්
02:22
Video thumbnail
ඕස්ට්‍රේලියානු ජාතික සිසුන් පිරිසක් ඇවිත් කොලොන්නාවට ෆුල් සුද්දයක් දෙන හැටි
02:31
Video thumbnail
නූතනයේ අප දුටු දොස්තර හොඳ හිත..අවතැන් වූ අපේම මිනිස්සුන්ගේ පිහිටට ආ හැටි,
01:59
Video thumbnail
"බොරු බේගල් කියලා ජනතාව නොමග යවන්න එපා"..මිනිස්සු වෙනුවෙන් රෑ දවල් නොබලා අපි වැඩ කළා
06:17


?