මුස්තාෆිසුර් රහ්මාන්ට දිල්ලියෙන් කැඳවීමක්

බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක මුස්තාෆිසුර් රහ්මාන්ට අයි.පී.එල් තරගාවලිය සඳහා එක්වීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය අවසර ලබා දී තිබෙනවා.

ඒ, අනුව ඔහු දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමඟ ඉදිරියේ දී එක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මැයි මස 18 සිට 24 දක්වා කාලය සඳහා තුළ ඔහුට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමඟ එක්වීමට මෙම අවසරය ලබා දී ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.

දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහභාගීවන ඉතිරි තරග තුන මැයි 18, 21 සහ 24 යන දිනයන්වල දී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

මේ අතර මුස්තාෆිසුර් රහ්මාන් ඉන්දියාවට යාමට පෙර හෙට සාජා හි එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව බංග්ලාදේශයේ පළමු විස්සයි විස්ස තරගය සඳහා ක්‍රීඩාකරන බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පවසනවා.

මේ අතර දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නියෝජනය කළ ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් ඉදිරි තරග සදහා යළි දිල්ලි කණ්ඩායම සමඟ එක් නොවන බව තහවුරු කර තිබෙනවා.

2025 අයි.පී.එල් තරගාවලිය ඉන්දු පාකිස්ථාන යුද ගැටුම් හේතුවෙන් තවකාලික නවතා දැමීමට කටයුතු කළ අතර සතියක පමණ විරාමයකින් අනතුරුව තරගාවලිය හෙට යළි ආරම්භ වනවා.

එම කාලසීමාව තුල විදෙස් ක්‍රීඩකයින් රැසක් ඉන්දියාවෙන් තම මව්රටවල් බලා පිටත්ව ගිය අතර, ප්වුන්ගෙන් බොහෝ පිරිසක් තරගාවලියේ ඉදිරි තරග සඳහා එක් නොවන බව පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32