Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ඩොල්ෆීන් මත්ස්‍යයින් සය දෙනෙකු ගොඩබිමට එයි

කළුතර දකුණ මුහුදු වෙරළට ඩොල්ෆින් මත්ස්‍යයින් හය දෙනෙකු ගොඩ ගසාවිත් තිබෙනවා.

එම ප්‍රදේශයේ ජීවිත ආරක්ෂක ඒකකයේ නිලධාරින් පවසා ඇත්තේ අද (14) පෙරවරුවේ එම සත්ත්වයින් මෙලෙස මුහුදු රළ සමග ගොඩට විත් ඇති බවයි.

එලෙස ගොඩගසා ඇති ඩොල්ෆීන් මත්ස්‍යයින් සයදෙනාම විවිධ අනතුරුවලට ලක් ව තුවාල සිදු ව ඇති බව පශු වෛද්‍ය නිලධාරීන් පවසනවා.