මාරක රිය අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනකු ජීවිතක්ෂයට

ඊයේ (13) උදෑසන කාලයේ කුච්චවේලි පොලිස් වසමේ ත්‍රීකුණාමලය පුල්මුඩේ මාර්ගයේ 19 කණුව අසලදී එරක්කන්ඩි දෙස සිට ත්‍රිකුණාමලය දෙසට ධාවනය වූ කැබ් රථයක් මාර්ගය අයිනේ සිටි පදික පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදු ව අනතුරෙන් බරපතළ තුවාල ලැබූ පදික පුද්ගලයා නිලාවේලි රෝහලට ඇතුළත් කළ පසු මියගොස් තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ, මරණකරු වයස අවුරුදු 52 ක් වූ නිලාවේලි ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.

මෘත ශරීරය නිලාවේලි රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

අනතුරට අදාළ කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ඊයේ දින සවස් කාලයේ මෝදර පොලිස් වසමේ ශ්‍රී පඤ්ඤානන්ද ප්‍රදේශයේදී ශ්‍රී පඤ්ඤානන්ද හන්දිය දෙස සිට බෝධිය හන්දිය දෙසට ධාවනය වූ ලොරි රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි පාපැදිකරුවෙකුගේ ගැටී අනතුරක් සිදු වුණා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පාපැදිකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි පැවසෙන්නේ.

මරණකරු වයස අවුරුදු 52 ක් වූ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අනතුරට අදාළ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53
Video thumbnail
පොලිස්පතිට චීත්තේ අන්දන්න ඕනේ - අනුරගේ නහයත් දැන් දික්වෙනවා
23:35
Video thumbnail
පොහොට්ටුවේ රැළිය ගැන ජනාධිපති සැරටම කිව්ව දේ..
01:17
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර
01:05