විදෙස් ක්‍රීඩකයින් යළි ඉන්දියාවට එන්න බෑ කියයි – IPL කණ්ඩායම් දැඩි අසීරුතාවයක

ඉන්දු – පාකිස්ථාන යුද ගැටුම් හේතුවෙන් තාවකාලිකව නවතා දැමූ අයි.පී.එල් තරගාවලිය මැයි මස 16 වන දිනට පෙර නැවත ආරම්භ කළ හැකි බව ඉන්දීය ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ, අනුව මෙවර තරගාවලියේ අවසන් මහා තරගය මැයි 25 සිට මැයි 30 දක්වා මාරු කිරීමට අවස්ථාව පවතින බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

කෙසේ වෙතත් තරගාවලිය සඳහා එක්කරගෙන සිටි විදෙස් ක්‍රීඩකයින් සම්බන්ධයෙන් කණ්ඩායම් රැසක් මේ වනවිට ගැටළුකාරී තත්ත්වයට මුහුණ දී ඇති බව වාර්තා වනවා.

ඒ, යළිත් ඉන්දියාවට පැමිණීමට එම ක්‍රීඩකයින් බොහෝ දෙනෙක් සිය අකමැත්ත පළකිරීමත් සමඟයි.

මෙවර තරගාවලියේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නියෝජනය කළ ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක්; තරඟාවලිය නැවත ආරම්භ වුවහොත් යළි ඉන්දියාවට නොඑනු ඇති බව ඔහුගේ කළමණාකාරවරයා පවසනවා.

ඊට අමතරව හයිද්‍රාබාද් කණ්ඩායම නියෝජනය කළ පැට් කමින්ස් සහ ට්‍රැවිස් හෙඩ් ද යළි ඔවුන්ගේ මව්රටට ගොස් ඇති අතර, ඔවුන්ද යළි ඉන්දියාවට පැමිණීම නොහැකි බව දන්වා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

තරගාවලිය සඳහා එක්ව සිටි නවසීලන්ත සහ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් ද ඔහුගේ රටවල් වෙත දැනටමත් ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

තරගාවලිය අත්හිටුවීමෙන් පැය 24 ක් ඇතුළත ඉන්දියාවෙන් පිටව ගිය විදේශීය ක්‍රීඩකයින් සහ සහායක කාර්ය මණ්ඩලය නැවත ගෙන්වා ගැනීම මේ වනවිට කණ්ඩායම් සියල්ලට අභියෝගයක් වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
7
+1
76
+1
6
+1
19
+1
4
+1
11
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?